සල්මාන් ඛාන්ගේ සහයට බොලිවුඩ් නළු නිළියන්
ජනප්රිය බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් පසුගියදා යළිත් සිරබභාරයට ගත් අතර, ඔහුට මේ වනවිට ඔහුට ඇප ලැබී තිබෙන බව සඳහන් වේ. 1993 වසරේ තිරගත වූ ‘හම් සාත් සාත් හේ’ චිත්රපටයේ ජෝදාපූර්හි කළ රූපගත කිරීමක් අතරතුරදී සල්මාන් ඇතුළු නළුනිළි පිරිසක් ජෝදාපූර් කැලයේ වදවෙමින් යන කළුමුවන් දෙදෙනෙකු මරා දැමීම හේතුවෙන් මෙසේ සල්මාන් ඛාන් මෙසේ සිරබාරයට ගෙන ඇත. කෙසේ වෙතත්, සල්මාන් කාර්යබහුල සිනමා නළුවෙකු මෙන්ම ඉන්දියාවේ බොහෝ පිරිසක් ආදරය කරන පුද්ගලයෙකු නිසාවෙන් මෙසේ ඉන්දීය අධිකරණය ඔහුට නැවතත් ඇප ලබාදීමට කටයුතු කර තිබේ.
මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම කාරණය සම්බන්ධව නඩු විභාග පැවැත්වුණ අතර, එහිදි ඔහු සිරභාරයටද පත් වූ බව වාර්තා වුණි. මේ කාරණාව හේතුවෙන් සමාජ ඔස්සේ සහය දැක්වීමට ඔහුගේ හිතමිතුරු රංගන ශිල්පීන් ඉදිරිපත් වී තිබේ.