සල්මාන් එක්ක වැඩ කරන්න ප්‍රභු කැමති වෙලා
බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් විසින් නිෂ්පාදනය කරන්නට සැලසුම් කර ඇති ‘ඩබාන්ග්’ තුන්වැනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නට දමිළ සිනමා නළු ප්‍රභූදේවා කැමැත්ත පළ කර තිබෙන බව සඳහන් වේ. මීට පෙර මෙම චිත්‍රපටය සල්මාන්ගේ සොහොයුරු අර්බාස් ඛාන් විසින් අධ්‍යක්ෂණය කරන්නට සූදානමින් සිටින බවට තොරතුරු ලැබුණද පසුව ඔහු විසින් ඒ අදහස අත්හැර දමා තිබේ.
සල්මාන් මීට පෙරද ප්‍රභූදේවා අධ්‍යක්ෂණය යටතේ චිත්‍රපටයකට දායක වූ අතර, ඒ ‘වෝන්ටඩ්’ චිත්‍රපටයේය. එයද ආදායම් අතින් ඉහළ ලාභයක් ඉපැයූ චිත්‍රපටයක්ද විය. සල්මාන්ගේ ‘ඩබාන්ග්’ තුන්වැනි චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය කොලිවුඩ් සිනමා නිළි ඇමි ජැක්සන් විසින් පණ පොවනු ලබන්නීය.