සල්මාන්, අනුෂ්කා සම්මාන දිනති
පසුගියදා පැවති ‘සී සිනේ’ සිනමා සම්මාන උලෙළේදී වසරේ ජනප්රියතම නළුවා හා නිළිය ලෙස සම්මාන දිනා ගැනීමට ‘සුල්තාන්’ චිත්රපටයේ රඟපෑ සල්මාන් ඛාන් හා අනුෂ්කා ෂර්මා හැකිවුණා. එකම චිත්රපටයේ රඟපෑ නළුනිළි යුවළකට මෙම සම්මාන එක්වර හිමිවීම කැපී පෙනෙන සිදුවිමක්. මෙම සම්මාන උලෙළේදී හොඳම නළුවා ලෙස ‘පින්ක්’ චිත්රපටයේ රඟපෑ අමිතාබ් බච්චන්ද හොඳම නිළිය ‘උද්තා පන්ජාබ්’ චිත්රපටයේ රඟපෑ ආලියා භාට්ද සම්මානයට පාත්රවූවා.
හොඳම චිත්රපටය ලෙස සම්මාන දිනාගනු ලැබුවේ අමිතාබ් රඟපෑ ‘පින්ක්’ චිත්රපටයයි. ජනප්රියතම චිත්රපටය බවට පත්වුයේ අමීර් ඛාන් රඟපෑ දංගල්’ චිත්රපටයයි. ප්රධාන සම්මානයක් හිමි නොවුණද ‘සෝනම් කපූර් රඟපෑ ‘නිර්ජා’ චිත්රපටයත්, රන්බීර්, අනුෂ්කා හා අයිශ්වර්යා රඟපෑ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්රපට සඳහා වැඩි සම්මාන ප්රමාණයක් මෙහිදී දිනා ගැනීමට හැකිවුණා.