සල්මන්ට මරණ තර්ජන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2018-04-17-ent-92

ඉන්දියන් ඇන්ටිලෝප් වශයෙන් ද හ`දුන්වන බ්ලැක්බක් මුව වර්ගය දකින්නට ලැබෙන්නේ ඉන්දියාවේ, නේපාලයේ හා පකිස්තානයේ පමණකි. එම නිසාම මොවුහු ව`ද වෙමින් පවතින දුර්ලභ සතුන් ගණයට අයිති වෙති. උන් දඩයම් කිරීම වනජීවී පනත යටතේ දැඩි ද`ඩුවම් ලැබිය හැකි වරදකි.

1998 දි හම් සාත් සාත් හෑ චිත‍්‍රපටියේ රූගත කිරීම් අතරතුර දඩයමේ ගිය සල්මන් ඛාන් මේ මුවන් දෙදෙනෙකු වෙඩි තබා මැරීය. මේ සිද්ධියට සයිෆ් අලි ඛාන්, සොනාලි බෙන්ද්රේ, නීලාම් සහ රාජස්තාන් ප‍්‍රාන්තයේ නළුවෙකු වන දුෂ්‍යන්ත් සිං ද චෝදනා ලැබුවේය. එකම වරදකට ජනපි‍්‍රය නළුවන් කිහිප දෙනෙකු චෝදනා ලැබූ එකම අවස්ථාව මෙය නිසා ජනතාවගේ අවධානය දැඩිව මෙයට යොමු වී තිබිණි. කෙසේ වෙතත් සල්මන් හැර අනෙක් පිරිස චෝදනාවෙන් නිදහස ලැබීය. මේ නඩුව අවුරුදු 20කට පසුව නැවතත් විභාගයට ගනු ලැබුවේ බිෂ්නොයි සමාජය විසින් ඉදිරිපත් කරනු පෙත්සමක් හේතුවෙනි. පරිසරය වෙනුවෙන් ඇපකැප වී සිටින බිෂ්නොයිවරු බ්ලැක්බක් මුවන්ට දැඩි ආදරයක් මෙන්ම ගෞරවයක් ද දක්වති. ඔවුන් පවසන්නේ සිය ආගමික නායකයෙකු ගේ පුනරුත්පත්තිය එම මුවන් බවය.

පසුගියදා ජෝද්පූර් අධිකරණයකින් මෙහි තීන්දුව දෙනු ලැබූ අතර සුපිරි නළු සල්මන් ඛාන් වසර පහක සිර ද`ඩුවමකට යටත් කරනු ලැබිණි. අංක 106 ලෙසින් හැ`දින්වෙමින් ජෝද්පූර් ප‍්‍රධාන බන්ධනාගාරයේ දෙවෙනි වාට්ටුවට සල්මන් ගෙන යන ආකාරය බලන්නට ම`ග දිගේ සෙන`ග එක්රැුස් වී සිටියේ කැමරා එල්ල කරගෙනය. ඔහු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ අතර ඇප ලබා දෙන තුරු ඔහු බන්ධනාගාරයේ සිටිය යුතු විණි. එය ඇසූ විට අධිකරණයට පැමිණ සිටි සල්මන් ගේ නැගණියන් දෙදෙනා වන අල්වීරා සහ අර්පිතා බොහෝ සෙයින් කම්පනයට පත් වූහ. සල්මන් ගේ වෛද්‍ය පරීක්ෂණයේදී ඔහුට කිසිම රෝගී තත්වයක් නැති බැව් හෙළි වූ නිසා ද`ඩුවම ඒ ආකාරයෙන්ම කි‍්‍රයාත්මක කරන්නට බාධාවක් තිබුණේ නැත.

ඒ රාති‍්‍රයේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඔහුට ආහාර වශයෙන් දෙනු ලැබුවේ ගෝවා, පරිප්පු සම`ග පාන්ය. අනෙක් සිර කරුවන් මෙන්ම බිම නිදා ගත යුතු වූ අතර ඔහුගේ නාන කාමරය වෙන කෙනෙකුට නොදී ඔහුට පමණක්ම භාවිතා කරන්නට හැකි වුයේය.

මීට පෙර සල්මන් වරදකරුවෙකු වූයේ පදික වේදිකාවේ නිදාගෙන සිටි කිහිප දෙනෙකු යට කරගෙන සිය රථය ධාවනය කර ඉන් අයෙකු මරා දැමීමේ සිද්ධියටය. එයින් ඔහු නිදහස ලැබුවේය. එම නඩු තීන්දුව බොහෝ දෙනෙකු ගේ අප‍්‍රසාදයට ලක් වුයේය. ඔහු සුපිරි නළුවෙකු බැවින් ඔහුට එරෙහිව නීතිය හරියටම කි‍්‍රයාත්මක නොකළේයයි ඔවුහු පැවසුහ.

‘‘සල්මන් සුපිරි නළුවෙක් විතරක් නෙමෙයි මානව හිතවාදියෙක්.. ඔහු ජනතාව වෙනුවෙන් ලොකු සේවයක් කරනවා.. ඒ හින්දම මේ ද`ඩුවම බරපතල වැඩියි කියලයි මට හිතෙන්නෙ..’’

ජනපි‍්‍රය නිළියකව සිටි, දැන් මන්ති‍්‍රවරියක වන ජයා බච්චන් පවසන්නීය.

‘‘හරියට නීතිය කි‍්‍රයාත්මක නොවුණොත් අපි ජෝද්පූර්වලදීම සල්මන්වත් මරනවා.. අපි කවුද කියලා සල්මන් විතරක් නෙමෙයි හැමෝම එතකොට තේරුම් ගනියි..’’

මාධ්‍යවේදීන් ඉදිරියේදී සල්මන්ට එසේ මරණ තර්ජන කරනු ලැබුවේ පාතාල නායකයෙකු ලෙස හැ`දින්වෙන ලෝරන්ස් බිෂ්නොයි විසිනි. ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් ඔහු ද එදිනම උසාවියට ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

‘‘බොරු නඩුවලට පටලවලා මාව කී සැරයක් හිරේ යවලා තියෙනව ද..? එතකොට අපි වෙනුවෙන් සාක්කි දෙන්න එක්කෙනෙක්වත් ඉදිරිපත් වුණේ නෑ.. සුපිරි නළුවන්ට වැරදි කළත් සමාව ලැබෙනවා ඔවුන්ගෙ ජනපි‍්‍රයත්වය හින්දා..’’ ඔහු කියන්නේය.

කෙසේ වෙතත් දින දෙකක් බන්ධනාගාරගතව සිටීමෙන් අනතුරුව 52 හැවිරිදි සල්මන් ඇප පිට නිදහස් වූයේය. එහෙත් ඔහුට විදෙස්ගත වෙන්නට අවසරයක් නැත. මීට පෙර ද ‍්ඔහු දුෂණ සිද්ධියක්, සතුන් දඩයම් කිරීම, සිය රථයට යට කර අයෙකු මරා දැමිම වැනි වැරදි වෙනුවෙන් දින කිහිපය බැගින් සිරගත වී සිට තිබේ.

ඔහුගේ නිදහස් වීම පිළිබ`දව ක්ෂේත‍්‍රයේ මිතුරන් කතා කරන්නේ බලවත් සතුටිනි. ඔවුහු මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ වෙබ් අඩවි ඔස්සේ ද ඔහුට සුබ පතා පණිවිඩ සටහන් කර තිබේ.

 

2018-04-17-ent-91