සල්මන්ට පොලිස් ආරක්ෂාව
සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් මේ දිනවල ‘රේස්’ තුන්වැනි චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා දායක වී තිබේ. එම රූගත කිරීම් අතරතුරදී හදිසියේ පැමිණි ඉන්දියානු පොලීසිය විසින් රූගත කිරීම් නතර කරමින් සල්මන් ඔහුගේ නිවසට ගෙන ගොස් තිබේ. මෙලෙස ආරක්ෂාව සැපයීමට හේතු වී ඇත්තේ 1998 වසරේදී සිදුවූ නඩු විභාගයක් හේතුවෙන් බවයි ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන්නේ. මෙලෙස සල්මන් ඛාන් පෙනී සිටින්නේ ජෝඩ්පූර් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ නඩුවක් සම්බන්ධව බවයි ඉන්දියානු මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ හේතුවෙන් ඉන්දියානු පොලීසිය විසින් සල්මන් ඛාන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කර ඇති බව සඳහන් වේ.