සල්මන්ගේ සිනමා ජීවිතයට අවුරුදු 29යි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-07-ent-131

බොලිවුඞ් සුපිරි තරුව සල්මන් ඛාන් සිනමාවට පිවිස 29 වසරක් සම්පූර්ණ වන්නේය. ඔහු හාපුරා කියා ර`ග පෑවේ බිවි හෝ තු අයිසි චිත‍්‍රපටියේය. ඒ සමගම රග පෑ මේනේ ප්‍යාර් කියා චිත‍්‍රපටියේ ඔහුගේ සහායක නිළිය වූයේ භාග්‍යාශී‍්‍රය. එය ඇගේත් පළමු චිත‍්‍රපටිය වුවත් මේ නවක යුවළ ක්ෂේත‍්‍රය තුළ මෙන්ම රසිකයන් තුළ ද අලූත් බලාපොරොත්තු ඇති කළේය. චිත‍්‍රපටිය බොහෝ සාර්ථකව තිරගත වීම එයට හේතුවයි.

ඔවුන් දෙදෙනා එම චිත‍්‍රපටියේ සුදු උඩුකය ඇ`දුම්වලින් සැරසුණ ඡුායාරූපයක් සහිත සටහනක් ට්විටර් අඩවියට එක් කරනු ලැබ ඇත්තේ භාග්‍යශ‍්‍රී විසිනි.

‘‘මේනේ ප්‍යාර් කියා අවුරුදු 29ක්.. ආදරය තවමත් ලෝකය භ‍්‍රමණය කරයි. කෘතඥතාව, පී‍්‍රතිය, ආදරය, සාර්ථකත්වය සියල්ලම මේ තුළ..’’ ඇය සටහන් කර තිබේ.

හො`දම නවක නිළියට හිමි වන ෆිල්ම්ෆෙයාර් සම්මානය ද ඇයට ලැබුණේ මේ චිත‍්‍රපටියේ රග පෑම වෙනුවෙනි.

ඇය මරාති, කන්නඩා. භෝජ්පුරි, තෙළිගු චිත‍්‍රපටි කිහිපයක ද ර`ග පෑවාය.

හිමාලයා දසානි සම`ග විවාහ වී සිටින ඇය දැන් දෙදරු මවකි. සල්මන් ඛාන් තවමත් අවිවාහකය.