සල්මන්ගේ රහස් පිට වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-22-ent-72

සල්මන් ඛාන්, තමන් ළඟ සේවය කරන සේවක පිරිස සඳහ ඉතාමත් හොඳින් සලකන බව ඉන්දියානු මාධ්‍ය පෙන්වා දෙනාව. ඔවුන්ට ඔහුගෙන් වේතනයක් ලැබුණත් ඔහු තමන්ගේ ළඟම හිතවතුන් ලෙස ඔවුන් කෙරෙහි දැඩි විශ්වාසය තබමින් ඔවුන්ගේ දුක සැප විමසමින් සමීපව කටයුතු කරනු ලැබූ කෙනෙකු ලෙස බොහෝ දෙනා හඳුන්වන්නේ. සල්මන්ගේ කළමනාකාරිනිය ලෙස සේවය කරනු ලබන්නේ රෙශ්මා ශෙට්ටි නම් කාන්තාවකි. ඇය, මේ සුපිරි රංගන ශිල්පියා යටතේ සේවය කරමින් සිටින්නේ දීර්ඝ කාලයක සිට බවයි සඳහන් වන්නේ. එම හේතුවෙන් සල්මන් ඇගේ වැඩ කටයුතු පිළිබඳ දැඩි විශ්වාසයකින් සිටින බව සඳහන් වෙනවා. නමුත් මෑතකදී ඇය අතින් සිදුවූ අතපසුවීම් කිහිපයක් නිසා සල්මන් තුළ ඇති වූයේ නොසතුටකි.

තමන් ගේ රංගන වෘත්තියට අදාළ කටයුතු කිහිපයක් ම රෙශ්මා ශෙට්ටි ගේ වරදින් වෙනස් කරගන්නට සල්මන්ට සිදුවූ අතර, සල්මන්ගේ බාල සොහොයුරු සොහේල් ඛාන් සහ සල්මන් එක්ව කර ගත යුතු යම් යම් වැඩ කටයුතු කිහිපයක් ම රෙශ්මා ගේ නොසැලකිල්ල නිසා ඇණ හිටලා. මෙයින් දැඩි කළකිරීමට පත් සල්මන්, වහාම ක්‍රියාත්මක වන පරිදි ඇය ව තම කළමනාකාර ධුරයෙන් ඉවත් කරලා. රෙශ්මා ශෙට්ටි ව එලෙස ඉවත් කර වැඩි දවසක් ගතවුණේ නැහැ. සල්මන්ට තවත් බරපතළ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවෙලා. ඒ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු රැසක් බාහිර පාර්ශ්වයන් අතට පත්වී ඇති පත් වීමයි.. මාධ්‍ය ලෝකයටත් මේ තොරතුරු කාන්දු වී ඇති බවටයි ඔහුට දැන ගැනීමට ලැබී ඇත්තේ.

මේ කරුණු සොයා බලද්දී ඔහු සැකහැර දැන ගත්තේ මේ තොරතුරු හෙළිකර ඇත්තේ අන් කිසිවෙකු නොව, තමන් ළඟ සේවය කරන පෞද්ගලික ආරක්ෂකයන් තිදෙනෙකු බවයි. මෙයින් කෝපයට පත්වූ සල්මන් වහාම එම ආරක්ෂක නිලධාරීන්වත් සේවයෙන් ඉවත් කළ බවයි ආරංචි.

 

2017-05-22-ent-73