සල්මන්ගේ 31 වසරක බොලිවුඞ් ජීවිතේ
බොලිවුඩය යනු එක රැයින් බිහි වෙන සුපිරි තරු, එක් වරම බැස යන නැවත කවදාවත් දකින්නට නොලැබෙන තරු, හැමදාමත් එක සේ ජනපි‍්‍රයත්වය රැුකගෙන බැබලෙන තරු සහිත අපූරු ක්ෂේත්රයකි. සල්මන් ඛාන් අයිති වන්නේ මේ කියූ තුන් වන කොටසටය. පය ගසා සිටින්නට අසීරු ක්ෂේත්රයක මෙතරම් කලක් නොවැටී සිටියේ වාසනාවේ බල මහිමයත් නිසායයි විචාරකයෝ කියති.
ඔහු මේ වන විට බොලිවුඞ් ක්ෂේත්රයේ 31 වසරක් සම්පූර්ණ කර තිබේ. ඒ කාලයේ ඔහු බොහෝ සෙයින් ජනපි‍්‍රය වූ, ආදයම් වාර්තා බි`ද හෙළමින් තිරගත වූ චිත්‍රපටිවල ර`ගපෑවේය. සුපිරි නළුවෙකු වූ පළියටම ඔහු ර`ග පාන හැම චිත්‍රපටියක්ම සාර්ථක වන්නේ නැත. එවන් අසාර්ථක චිත්රපටිවලත් ඔහු ර`ග පෑවේය. වෘත්තීය ජීවිතයේ පමණක් නොව පෞද්ගලික ජීවිතයේත් විවාදයට තුඩු දෙන සිදු වීම් රැුසකට මුහුණ පෑවේය. එහෙත් ඔහු කඩා වැටුණේ නැත.
කලින්කලට විවිධාකාර පෙම්වතියන් සිටියේ වී නමුදු අදටත් ඔහු තනිකඩයෙකි.
සල්මන් බොලිවුඩයට පය තැබුවේ රේඛා සහ ෆරූක් ෂෙයික් සම`ග බිවි හෝ තෝ අයිසි චිත්‍රපටියේ ර`ගපාමින් 1998 දීය. එහි චරිතයට දෙබස් කවන ලද්දේ වෙන ශිල්පියෙකු විසින් බැව් දන්නේ ටික දෙනෙකි. ඔහු ජනපි‍්‍රයත්වයේ ඉහළම තලයට එසවුණේ මේනේ ප්යාර් කියා චිත්‍රපටියෙනි. මිලියන ගණනක් රසිකයන්ගේ හදවත් තුළ පේ‍්‍රම් චරිතය අමරණීය කරන්නට ඔහුට හැකි විය. ඒ නමට මොන තරම් ඉල්ලූමක් තිබියේ ද යත් තවත් චිත්‍රපටි 15 කම චරිත ස`දහා ඒ නම යොදා ගන්නට සිදු වූයේය.
ඉනික්බිතිව ඔහු තමන් හෙළිපෙහෙළි කර ගත් ම`ග දිගේ ඉදිරියට ගියා විනා ආපසු හරී බැලූවේ නැත. හම් ආප්කේ හෑ කවුන්, සාජන්, ආදී චිත්‍රපටි එම ගමනේ සන්ධිස්ථාන වූයේය. මේ අතර කුර්බාන්, ලව්, සූර්යවංශි, දිල් තෙරා ආශික්, වීර්ගති, කාමෝශි, හෙලො බ්‍රදර්, ගාර්ව් ඇතුළු චිත්‍රපටි රැුසක් අසාර්ථක වූයේය. සමහර ඒවායේ වියදම පිරිමසා ගන්නටවත් හැකි වූයේ නැත. සමහර නළුවන්ගේ අතිශය සාර්ථක වූ චිත්‍රපටි ගණනට වඩා වැඩි ගණනක් සල්මන්ගේ අසාර්ථක වී ඇතැයි කියැවෙයි.
එහෙත් අදටත් ඔහු සුපිරි නළුවෙකි. ඔහු විසින් තබන ලද ඇතැම් චිත්‍රපටි වාර්තා බි`ද හෙළන්නට මෙතෙක් කිසිවෙකු සමත් වී නැතුවා මෙන්ම රසික ප්‍රසාදයේ අඩුවක් ඇත්තේත් නැත.