සල්මන්ගෙන් Gym එකක්
බොලිවුඩ් නළු සල්මාන් ඛාන් තම ශරීරය පිළිබඳව බොහෝ සෙයින් සැලකිලිමත් වෙන බව බොහෝ දෙනා දන්නා කාරණාවක්. දබාන් චිත්‍රපටය වෙනුවෙන් ඔහුගේ ශරීරෙය් හැඩය පවත්වා ගැනීමට ඔහු බොහෝ සෙයින් වෙහෙසෙනු ලැබුවා. ශරීරයේ හැඩය සහ සෞඛ්‍ය ගැන හිතන අය වෙනුවෙන් සල්මාන් කායවර්ධන මධ්‍යස්ථානයක් විවෘත කරන්න සූදානම් වෙන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරනවා. නවතම උපකරණ සමගින් මෙම කායවර්ධන මධ්‍යස්ථානය ඉතාමත් ඉක්මනින් විවෘත කිරීමට ඔහු සූදානම් බවයි වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනු ලබන්නේ.