සරාගේ ප්‍රේමයට අම්රිතාගේ කැමැත්ත
බොලිවුඩ් ජනප්‍රියම නවක නිළියන් අතරේ සාරා අලී ඛාන්ට සුවිශේෂි තැනක් හිමිවේ. දැනට චිත්‍රපට අතළොස්සක් රඟපා ඇති සාරා ඒ සෑම චිත්‍රපටයක්ම ඉතා ඉහළ රංගනයක නිරත වී ඇත. එමෙන්ම සාරා මේ දක්වා රංගනයෙන් දායක වූ සියලු චිත්‍රපට ආදායම් උපයා ගැනීම අතින් අති සාර්තක වූවාද විය.
වර්තමානයේ ජනප්‍රිය පෙම්වතියක්වද සිටින සාරා මීට දින කිහිපයකට පෙර ඇයගේ පෙම්වතා වන කාර්තික් ආර්යයන් සිය මව වූ හින්දි සිනමා නිළි අමිරිතා සිංට මුණ ගස්සවා තිබුණ බව වාර්තා වේ. ඒ සාරා හා කාර්තික් රංගනයෙන් දායක වන සිය පියා සායිෆ් අලී ඛාන් රඟපෑ ‘ලව් ආජ් කල්’ චිත්‍රපටයේ දෙවැනි සිනමා නිර්මාණයේ රූපගත කිරිම් අතරතුරදීය. වාර්තාවන අන්දමට මෙම හමුවිමෙන් පසුව අමිරිතා සාරා හා කාර්තික් දෙදෙනාට සිය ප්‍රේම සම්බන්ධයට ආශිර්වාද කර තිබුණි.