සරාගී Kim ගෙන් දික්කසාද වෙන්න යන Kanye ගේ අලුත් පෙම්වතිය කොල්ලෙක්ද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හැමෝගෙම අවධානය නිරන්තරයෙන්ම ගත් Kim Kardashian හා ගායක Kanye West මේ වෙද්දී විරසක වෙලා ඉන්නේ ළඟදීම දෙදෙනා දික්කසාද වෙන්න ඉන්නේ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ ආරංචිය බොහෝ දෙනෙක් දන්නවා. නමුත් Kanye West තම බිරිද වූ Kimගෙන් දික්කසාද වෙලා අලුත් පෙමක පැටලිලා කියලයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ඒ 35 හැවිරිදි Jeffree Star සමඟ කියලා රාවයක් පැතිරෙනවා. Jeffree කියන්නේ ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පියෙක් , මෝස්‌තර නිර්මාණ ශිල්පියෙක් , මෝස්‌තර නිරූපණ ශිල්පියෙක් වගේම නර්තන ශිල්පියෙක්ද වනවා. මේ ආරංචියත් සමඟ ඔහු යූ ටියුබ් වීඩියෝවක් නිකුත් කර ඒ පිලිබඳ කියා තිබෙන්නේ තරහින් බවයි සඳහන් වන්නේ. ඒ වගේම ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා තිබෙනවා.

ඒ "මම ඉරිදා දේව මෙහෙයට සම්බන්ධ වෙන්න සුදානම් වෙනවා .." කියලයි. ඊට අදහස් දක්වමින් බොහෝ දෙනෙක් Kim හා Kanye ගේ විවාහ දෙදරවිම පටලවා තිබෙනවා. Kanyeට කතා කරන්න, ඔයා නිසා තමයි කිම්ගෙන් ඉවත් වුනේ ඔහු, යනුවෙන් අදහස් හුවමාරු වී තිබෙනවා. මේ කතාබහ හේතුවෙන් තමයි ඇය පහත පරිදි උත්තර දී තිබෙන්නේ

"මම තනිකඩයි..මම කාත් එක්කවත් නිදාගන්නේ නැහැ, මේ කතාව ගැන මම හරියට දුක් වෙනවා. මේක ඇත්තටම මෝඩ කතාවක්, විහිළුවක්.. මම කැමති උස පුද්ගලයෙකුට..ඒ නිසා මේක කටකතාවක් විතරයි කියලා කියන්න කැමතියි..මේ කටකතාව ගැන මට තියෙන්නේ පුදුමාකාර තරහක්.." යැයි ඔහු සඳහන් කර තිබෙනවා. මේ ආරංචිය ගැන තවමත් Kanye West සඳහනක් කර නැහැ. ඒ වගේම Kanye West වෙනම ජිවත් වෙන බවටත් Kim තම මංගල මුදුව පවා ගලවා මුදුගිල්ල හිස්ව තබා ඇති බවටත් සඳහන් වෙනවා.

20210108Keny (5) 20210108Keny (3) 20210108Keny (1) 20210108Keny (2) 20210108Keny (4)