සරාගී රෙස්ලිං ක්‍රීඩිකා නිකී බෙලා සිය සිඟිති පුතු සමඟ නත්තල් සැමරු හැටි මෙන්න
නිකී බෙලා කියලා කියන්නේ ජනප්‍රිය රෙස්ලිං ක්‍රීඩිකාවක්. රෙස්ලිං ක්‍රීඩාවේ නිරත වන කාලයේදී ජනප්‍රිය නළුවෙකු මෙන්ම මල්ලව පොර ක්‍රීඩකයෙකු වූ ජෝන් සීන් සමග වසර කිහිපයක පෙම් සබඳතාවක් ඇය පවත්වාගෙන ගියා.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ ප්‍රේම සබඳතාව බිඳවැටීමෙන් අනතුරුව නර්තන ශිල්පියෙක් වූ Artem Chigvintsev සමඟ ඇය විවාහ ජීවිතයට පිවිසි බව ද සඳහන්.
පසුගිය ජූලි මාසයේදී ඇය පුතෙකු ද බිහි කළා. මේ වනවිට ඇය විවිධ රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඇය මෙවර නත්තල වෙනුවෙන් සුබ පැතුමක් එක්කරමින් තම සිඟිති පුතා සමඟ ගත් ඡායාරූප කිහිපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණේ මෙලෙසින්.