සරාගී මව්වරුන් අතරේ පළමු තැන කිම්ට
ඇමෙරිකානු රූපවාහිනි තරු වල මූලික තැනක් හිමිවන්නේ නිරූපණ ශිල්පි කිම් කාර්ඩිෂන් හට බව බොහෝ දෙනා දන්නා කරුණක්. පසුගිය දිනෙක් ඇය පිළිබඳව නැවත කතා බහක් ඇතිව තිබෙනවා. ඒ සරාගී මවුවරුන් අතරින් පලමු තැන ඇය හිමි වීමයි. හොලිවුඩයේ ජනප්‍රියත්වයට පත් තරු 12කගේ බිකිණි ඡායාරූප පෙලක් අන්තර්ජාලයේ පළ කිරීමේදී එහි ලැබුණු ඡන්ද හේතුවෙන් මෙලෙස කිම් කාර්ඩිෂන්ට පළමු තැන හිමිව ඇති බවයි සඳහන් වන්නේ. 37 හැවිදිරි කිම් පලමු තැන හිමි වූ අතර, මෙහි දෙවැනි තැන හිමිව ඇත්තේ 62 හැවිදිරි ක්‍රිස් ජෙනර් හටය. 33 හැවිදිරි කෝලේ කාර්ඩිෂන් හට තෙවැනි ස්ථානය හිමිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මෙහිදී වැඩිම ඡන්ද ප්‍රමාණයක් හිමිව ඇත්තේ කාර්ඩිෂන් පවුලේ සහෝදරියන්ට වීමත් පුදුමයට කරුණකි.