සරාගි 'අම්මා' කයිලී
වයස අවුරුදු 30ට අඩු හොලිවුඩයේ සරාගිතම අම්මා වන්නට 20 වැනි වියෙහි පසුවන ජනප්‍රිය ගායිකා කයිලි ජොනිෆර්ට හැකිවි තිබේ. පසුගිය සති අන්තයේදී ප්‍රකට සිනමා වෙබ් අඩවියක් වූ ‘හොලිවුඩ් ලයිෆ්’ වෙබ් අඩවිය කළ පාඨක සමික්ෂණයකදී කයිලි මෙසේ ‘සරාගිතම’ අම්මා බවට පත්ව ඇත. මෙම සමික්ෂණයේ දෙවැනි තැන හිමිව ඇත්තේ ජෝර්දාන් ස්පාර්ක්ටය. තුන්වැනි තැන චොයා ලොයිඩ්ට හිමිව ඇත. පිළිවෙළින් අනෙකුත් ස්ථානවලට පත්ව ඇත්තේ චීර් ලොයිඩ්, බ්ලක් චයානා, කාර්ඩි බී. ජිම් ලීන්, අප්‍රේල් ලව්, ෆාරා ඒබ්‍රිහිම්, හා කැලියන් ලව්රිය.