සර්ෆින්වලින් වැඩ දාන කත්‍රිනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-08-01-ent-67

බොලිවුඩ් සුපිරි නිළි කත්‍රිනා කයිෆ් මේ දිනවල මොරොක්කෝවේ රැඳී සිටියි. ඒ කබීර් ඛාන් විසින් නිර්මාණය කරන ‘ටයිගර් සින්දා හේ’ චිත්‍රපටයේ සිය අවසන් රූපගත කිරීම් කටයුතු සඳහාය. ලැබුණ විවේකය අතරතුරදී ඇය මොරොක්කෝවේ ප්‍රධාන නගරය වූ එසෞවරාහි මුහුදු වෙරළේ විනෝද වෙමින් සිටින ඡායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබේ.

චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන සල්මාන් ඛාන් මේ අවස්ථාවට සහභාගී නොවූ අතර, ඇය තනිවම මුහුදු වෙරළේ විනෝද වෙමින් සිටි බව සඳහන් වේ. කත්‍රිනා අවසන් වරට රංගනයෙන් දායක වූ ‘ජග්ගා ජාසස්’ චිත්‍රපටය අසාර්ථක වී තිබෙන අතර, සිනමා විචාරකයන් පවසන්නේ ඇය යළිත් ‘ටයිගර් සින්දාහේ’ චිත්‍රපටය තුළින් සිය සාර්ථකත්වය සොයාගනු ඇති බවය.

 

2017-08-01-ent-66