‘සර්කාර්’ කෝටි 250ක් උපයයි
නොවැම්බර් 06 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කළ ඒ.ආර්. මුරුගුඩ්ස්ගේ ‘සාර්කාර්’ චිත්‍රපටය මේ වනවිට ඉන්දී්‍ය රුපියල් කෝටි 253ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. දමිල චිත්‍රපටයක් විසින් උපයාගත් වැඩිම ආදායම් අතර මෙම චිත්‍රපටය මේ වනවිට හයවැනි ස්ථානයේ පසුවේ.
විජේ හා ක්‍රිති සුරේෂ් රංගනයෙන් දායක වෙන මෙම චිත්‍රපටය ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වූවක් වේ. විජේ රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් උපයාගත් ඉහළම ආදායම මෙය ලෙස සිනමා ඉතිහාසයට එක් වේ. පසුගිය වසරේ තිරගත වූ ‘මර්සල්’ චිත්‍රපටය මෙම චිත්‍රපටයට එම වාර්තාවට හිමිකම් කී තිබුණි.