සයිෆ්ගේ දියණියත් සිනමාවට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-13-ent-124

2018 වසරේ අවසානයත් කෙමින් කෙමින් ලංවෙමින් තිබේ. මෙම වසර බොලිවුඩ් සිනමාවට සුවිශේෂී වූ වසරක් වූ බව නොඅනුමානය. මේ වසරේදී එළිදැක්වූ බොලිවුඩ් චිත්‍රපට අතරින් බොහෝ ප්‍රමාණයක් සාර්ථකව තිරගත වෙමින් මූල්‍යමය වාර්තා තැබීමට අවස්ථාව උදා කරගත් බව බොහෝ දෙනා දන්නා කාරණාවකි.

2018-12-13-ent-125

මෙම ඉතිරිව ඇති කාලය තුළ තවත් බොලිවුඩ් චිත්‍රපට 04ක් එළිදැක්වීමට නියමිතව තිබේ. ඒ අතරින් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ චිත්‍රපටයක් තිබේ. ඒ රන්වීර් සින්ග් විසින් ප්‍රධාන රංගනයෙන් දායක වීමට නියමිතව ඇති %Simmba^ නම් බොලිවුඩ් චිත්‍රපටයයි.

2015 වසරේදී තිරගත වූ %Temper^ නම් චිත්‍රපටය මූලික කර ගනිමින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය වී තිබේ. මේ වනවිට මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පටය ඇතුළු ගීත කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ නැරඹීමේ හැකියාව තිබේ. මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පටය සහ ගීත මේ වනවිට යූටියුබ් ජාලය ඔස්සේ විශාල ජනප්‍රියත්වයට පත්ව තිබේ.

මෙම මස එළිදැක්වූ චිත්‍රපටයක් වන %Kedrnath^ චිත්‍රපටය ඔස්සේ සිනමාවට නවකයෙකු හඳුන්වා දී තිබේ. ඇය නමින් සාරා අලි ඛාන්ය. සයිෆ් අලි ඛාන්ගේ දියණිය වන ඇය බොලිවුඩ් සිනමාවට නවකයෙකි. සිය පළමු චිත්‍රපටය වන %Kedarnath^ ඔස්සේ සිනමා ගමන ආරම්භ කරන ඇය තම පළමු සිනමා නිර්මාණයේ සාර්ථකත්වය භුක්ති විඳින අයෙකු බව පැවසිය හැකිය. එම චිත්‍රපටයේ ඇය සමගින් සුශාන්ත් සින්ග් රාජ්පුත්ද රංගනයෙන් දායක වේ. ඊට අමතරව ඇයගේ දෙවැනි චිත්‍රපටය වන %Simmba^ චිත්‍රපටය මෙම මස 28 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබේ.

1995 වසරේ උපන් ඇය මේ වනවිට 23 වැනි වියේ පසුවෙයි. සයිෆ් අලි ඛාන්ගේ දියණිය මෙම වසරේ සිනමා නිර්මාණ දෙකක් ඔස්සේ රංගන ක්ෂේත්‍රයට පිවිසියාය. රංගනය පිළිබඳව ඇයට බොහෝ කාලයක් උනන්දුවක් තිබූ බව ඉන්දියානු මාධ්‍ය පෙන්වා දෙයි. සාරා යනු කුඩා කාලයේ සිටම රංගන කටයුතු වල නියැළුනු අයෙකි. ඇය සිය පළමු රංගනයෙන් දායක වී ඇත්තේ වෙළෙඳ දැන්වීමක් සඳහාය. අවුරුදු 04දී වෙළෙඳ දැන්වීමක් ඔස්සේ ඇය කලාවට එකතු වී තිබේ.

ඉන්පසු ඇය ළමා රංගන ශිල්පිනියක් ලෙස 2008 වසරේදී තිරගත වූ %Tashan^ චිත්‍රපටයේ රංගනයෙන් දායක විය. එම චිත්‍රපටයේ ඇයගේ සහෝදරයෙකු වන තාමුර් අලිඛාන්ද රංගනයෙන් දායක වී තිබේ. ඉන්පසු ඇයට රංගන අවස්ථාවන් හිමිවූවත් ඇයට ඒ සඳහා අවසර නොලැබුණු බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. ඇයගේ අධ්‍යාපන කටයුතු හේතුවෙන් රංගන අවස්ථාවන් බොහෝ ප්‍රමාණයක් මග හැරී තිබේ.

නිව්යෝර්ක්හි කොලොම්බියා විශ්වවිද්‍යාලයේදී ඇයගේ උපාධිය අවසන් කර ඇති අතර, ඉන්පසුව ඇය ලන්ඩනයේ පිහිටි %School of Economics^හි ව්‍යාපාරය පිළිබඳව අධ්‍යාපනය ලබා තිබේ. ඇය ප්‍රථමයෙන් රංගනයෙන් දායක වූ %Kedarnath^ චිත්‍රපටය මේ වනවිට තිරගත වෙමින් පවතින චිත්‍රපටයකි. පසුගිය 07 වැනිදා තිරගත වීම ආරම්භ වූ මෙම චිත්‍රපටය මේ වනවිට ආදායම් වාර්තා අතරට පැමිණමින් පවතී. අභිෂේක් කපූර් විසින් අධ්‍යක්ෂණ කරනු ලැබූ මෙම චිත්‍රපටය ඉන්දියානු කෝටි 35ක පිරිවැයකින් නිර්මාණය වී තිබේ. මේ වනවිට ඉන්දියානු චිත්‍රපට ශාලාවල තිරගත වෙමින් ඉන්දියානු කෝටි 27.75ක ආදායමක් මෙය උපයා තිබේ. ඇය හින්දු පවුලක කෙනෙකු ලෙස මෙම චිත්‍රපටයේ චරිතය නිරූපණය කරන අතර, ඇය මුස්ලිම් තරුණයෙකුට පෙම් කරන කතාවක් පාදක කරගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබේ.

ඇයගේ පලමු චිත්‍රපටය ඉතාමත් සාර්ථකව තිරගත වෙමින් තිබීම හේතුවෙන් ඇයගේ දෙවැනි චිත්‍රපටය පිළිබඳවද බලාපොරොත්තු ඇති කරගත හැකි බව බොහෝ දෙනා පවසයි. රංගනය සාරා අලි ඛාන් හට ඇයගේ පියා වන සයිෆ් අලි ඛාන්ගෙන් ලැබුණු දායාදයක් බව බොහෝ දෙනාගේ අදහසයි. කෙසේ වුවත් ඉදිරි කාලය තුළදී ඇය සිනමා රංගන ශිල්පිනියක් ලෙස බොහෝ නිර්මාණ ඔස්සේ දැක බලා ගැනීමට හැකියාව ඇති බව බොහෝ දෙනාගේ අදහස වේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත