සයිෆ්ගේ 'Baazaar' නවකයන් නිසා අසාර්ථක වෙයිද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-19-ent-146

මෑතක සිට එළිදැක් වූ බොහෝ බොලිවුඩ් චිත්‍රපටවල රූගත කිරීම් සිදු වූයේ සිංගප්පූරු, මැලේසියා සහ ඩුබායි වැනි රටවල වීම විශේෂත්වයකි. විශාල වියදමක් දරමින් විදෙස් රටවල රූගත කිරීම්වලට යොමුවන මෙම චිත්‍රපට කර්මාන්තය තුළින් දක්නට ලැබෙන්නේ බොලිවුඩ් සිනමා කර්මාන්තයේ දියුණුවයි.

කෙසේ වුවත් මෙම 26 වැනිදා එළිදැක්වීමට නියමිතව ඇති චිත්‍රපටයක් පිළිබඳව කතාබහක් ඇති වූයේ පසුගියදා එහි ප්‍රචාරක පටය එළිදැක්වීමත් සමගිනි. කොටස් වෙළෙඳපොළ සහ ධනවත් ව්‍යාපාරිකයෙකු වටා දිව යන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ සයිෆ් අලි ඛාන් විසිනි. ඊට අමතරව රාධිකා අප්තේ, චිත්‍රාන්ගාදා සින්ග්, අනුප්‍රිය ගොඑන්කා යන රංගන ශිල්පීහු මෙහි රංගන දායකත්වය ලබා දෙයි.

‘Baazaar’ චිත්‍රපටයේ චිත්‍රාන්ගාදා සින්ග් සහ අනුප්‍රිය ගොඑන්කා විසින් ප්‍රධාන චරිතයට පන පොවනු ලබයි. මොවුන් දෙදෙනා සිනමාවට නවකයන් නොවුනත් මොවුන් දායක වූ චිත්‍රපට සාර්ථක නොවීය. චිත්‍රාන්ගාදා සින්ග් සිනමාවට පිවිසියේ 2003 වසරේදී තිරගත වූ Hazaaron Khwaishein Aisi නම් චිත්‍රපටය ඔස්සේය. ඇයගේ පළමු සිනමා නිර්මාණය සඳහා ඇයව නැගී එන නිළි සම්මානය සඳහාද නිර්දේශ විය. බොලිවුඩ් සිනමාවට අවතීර්ණ වූ ඇය නැවත සිනමා නිර්මාණයක් ඔස්සේ දැක බලා ගැනීමට අවස්ථාව උදා වන්නේ 2005 වසරේදී තිරගත වූ ‘Kal:Yesterday and Tomorrow’ චිත්‍රපට ඔස්සේය. 2005 වසරෙන් පසුව ඇය නැවත සිනමාවට පිවිසෙන්නේ 2008 වසරේදීය. අවුරුදු 03ක කාලයක් ඇය සිනමා නිර්මාණ සඳහා අවස්ථාව නොලැබුණු බව සඳහන් වේ. 2008 වසරේ තිරගත වූ ‘Sorry Bhai!’ නම් චිත්‍රපටය සඳහා ඇය රංගනයෙන් දායක වූ අතර, ඇයට නැවත චිත්‍රපටයක රංගන අවස්ථාව හිමිවන්නේ 2011දීය. ඒ ‘Yeh Saali Ziandagi’ නම් චිත්‍රපටය ඔස්සේය. 2011 වසරේදී තිරගත වූ ‘Desi Boys’ චිත්‍රපට ඔස්සේ ඇයව ජනප්‍රියත්වයට පත්විය.

2012දී තිරගත වූ ’Joker’ චිත්‍රපටයෙන් පසුව ඇයට 2013 වසරේ සිනමා නිර්මාණ තුනක් සඳහා අවස්ථාව උදාවිය. ඒ ‘Inkaar’, ‘I’, ‘Me Aur Main’ සහ ‘Kirchiyaan’ යන චිත්‍රපටයි. 2014 වසරේදී ඇයට දමිළ සිනමාව සඳහා අවස්ථාව උදාවිය. ඒ සූර්යා රංගනයෙන් දායක වූ ‘Anjaan’ චිත්‍රපටයයි. 2015 වසරේදී ඇය දායක වූ ‘Gabbar is Back’ චිත්‍රපටය ඔස්සේ ඇයව බොහෝ ලෙස ජනප්‍රියත්වයට පත්විය. ඉන්පසු 2017දී ‘Munna Michael’ නම් චිත්‍රපටයද, මෙම වසරේ ඇය රංගනයෙන් දායක වූ ‘Soorma’ සහ ‘Saheb’, ‘Biwi Aur Gangster 3’ යන චිත්‍රපට තිරගත විය. ලබන 26 වැනිදා එළිදැක්වීමට ඇති Baazaar චිත්‍රපටය ඇයගේ සිනමා දිවියට අලුත් මගක් සනිටුහන් කරනු ලබන බව බොහෝ දෙනාගේ මතය වේ. නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රය පිවිසි අනුප්‍රිය ගොඑන්කා සිනමාවට පිවිසෙනු ලබන්නේ 2014 වසරේදීය. ඒ ‘Bobby Jasoos’ නම් චිත්‍රපටයෙනි. ඉන්පසු ඇයට ‘Paathsala’ නම් චිත්‍රපටය සඳහාද රංගනයෙන් දායක වීමට අවස්ථාව උදාවිය. 2016 වසරේදී ඇය ප්‍රධාන රංගනයෙන් දායක වූ ‘Dishoom’ චිත්‍රපටයද ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයකි. 2017 වසරේදී ඇය රංගනයෙන් චිත්‍රපට තුනක් සඳහා රංගනයෙන් දායක විය. ‘Vekh Baraatan Challiyan’, ‘Daddy’, සහ ‘Tiger Zinda Hai’ එම චිත්‍රපට තුනයි. සල්මන් ඛාන් රංගනයෙන් දායක වූ ‘Tiger Zinda Hai’ චිත්‍රපටය ඔස්සේ ඇයව බොහෝ ලෙස ප්‍රසිද්ධියට පත්විය. මෙම වසරේ ආන්දෝලනාත්මක චිත්‍රපටය ලෙස සුප්‍රසිද්ධියට පත් වූ ’Padmaavat’ චිත්‍රපටය සඳහාද ඇය රංගනයෙන් දායක වූ අතර, ඇය ප්‍රධාන රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටය වන ‘Baazaar’ චිත්‍රපටය එළිදැක්වීමට නියමිතව තිබේ. මොවුන් දෙදෙනා සිනමාව තුළ රැඳී සිටියත් ඔවුන් දායක වූ ඇතැම් චිත්‍රපට සාර්ථක නොවීම කනගාටු දායක කරුණකි. කෙසේ නමුත් චිත්‍රපට විචාරකයන් පවසන්නේ, ‘Baazaar’ චිත්‍රපටය සාර්ථක වීමට බොහෝ අවස්ථාවන් ඇති බවයි.

 

2018-10-19-ent-147