සයිනාට සුබපැතුම් එක්කළ ශ්‍රද්ධා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගියදා ස්කොට්ලන්තයේදී නිමාව දුටු ලෝක ශූරතා බැඩ්මින්ටන් තරගාවලියේදී කාන්තා ඒකල තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් ඉන්දියාවේ සයිනා නේවල්ට ශ්‍රද්ධා කපූර් සිය ‘ට්විටර්’ ගිණුම හරහා සුබපැතුම් එක් කළ බව සඳහන් වේ. මෙම තරගයේ රන් පදක්කම ජපානයේ නසෝමි ඔකුහාරා දිනාගත් අතර, රිදී පදක්කම ඉන්දියාවේ වෙන්කටා සින්දු විසින් දිනාගනු ලැබීය. ඇය රියෝ ඔලිම්පික් තරගාවලියේදී සිය ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය.

සයිනා අර්ධ අවසන් පූර්ව තරගයේදී ආබාධයට ලක්වූ අතර, ඇය සිය ආබාධය නොතකා ලෝකඩ පදක්කම සඳහා පැවැති තරගය ජයගත් බව පවසන ශ්‍රද්ධා එය අගය කළ යුත්තක් බවද සිය ‘ට්විටර්’ ගිණුම තුළ සඳහන් කර තිබුණි. පහතින් දැක්වෙන්නේ ඇය සිය ‘ට්විටර්’ ගිණුමට එක් කළ සුබපැතුමයි.

Massive congratulations @NSaina on winning your bronze. What a bounce back after your injury. Incredible! You make us so so so proud.

— Shraddha (@ShraddhaKapoor) 

20170905Sharda-1