'සයිනා'ගේ ජීවිත කතාවේ වැඩ ඉවරයි
ඔලිම්පික් පදක්කම්ලාභිනි ඉන්දියාවේ අංක එකේ බැඩ්මින්ටන් ක්රීඩිකා සයිනා නෙවල්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන චිත්රපටයේ වැඩ කටයුතු මේ වනවිට අවසන් කර තිබෙන බව සඳහන් වේ. පසුගියදා මෙම චිත්රපටයේ ප්රධාන නිළි චරිතයට පණ වන ශද්ධා කපූර් සිට ‘ටිවිටර්’ ගිණුම හරහා මෙම චිත්රපටයේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කර ඇත්තේ එම චිත්රපටයේ වැඩ කටයුතු අවසන් බවට කෙටි සටහන්ද එක් කරමිනි.
ශද්ධාට පෙර සයිනා නෙවල්ගේ ජිවීත කතාව අලලා නිර්මාණය වන චිත්රපටයට මුලින්ම යෝජනා වී තිබුණේ බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝන්ය. මන්දයත් ඇයද දක්ෂ බැඩ්මින්ටන් ක්රීඩිකාවක්වන නිසාවෙනි. ඇයගේ පියා ඉන්දියාවට රන් පදක්කම් රැසක් බැඩ්මින්ටන් ්රීඩාව හරහා ලබා දී තිබෙන අතර, ඒ නිසාම මෙම චිත්රපටයට ඇය වඩාත් සුදුසුම කෙනාද විය. කෙසේ වෙතත්, අධික රූපගත කිරිමහ් කටයුතු හෙයින් දිපීකා මෙම චිත්රපටයෙන් ඉවත් වි තිබුණි.