සමීරා රෙඩ්ඩි නැවතත් මව් පදවියට
මේ වනවිට රංගන කටයුතුවලින් ඉවත්ව සිටින කලක් ඉන්දියාවේ අතිශ්‍ය ජනප්‍රිය සිනමා නිළියක් බවට පත්ව සිටි සමීරා රෙඩ්ඩි නැවතත් පසුගියදා මවක් විය. මීට පෙර පිරිමි දරුවෙකු බිහිකළ සමිරා මෙවර උපතදී ඇත්තේ ගැහැණු දරුවෙකුට බව සඳහන් වේ. මුම්බායිහි පිහිටි පෞද්ගලික කාන්තා රෝහලදී ඇය මෙසේ සිය දෙවැනි දරුවා බිහි කර ඇති අතර, රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ මවත් අලුත උපන් දරුවාත් සුවෙන් සිටින බවය. ඔවුන් එළැඹෙන සිකුරාදා දිනයේදී රෝහලෙන් බැහැව යාමටද නියමිතව ඇති බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කොට ඇත.