සමීරා දෙවැනි වරටත් මව් පදවියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-14-ent-165

2002 වසරේ තිරත වූ ‘මෙනේ දිල් තුජ්කෝ දියා’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පැමිණ පසුව දකුණු ඉන්දීය සිනමාව තුළ වඩාත් ජනප්‍රිය වූ සමීරා රෙඩ්ඩි මේ වනවිට දෙවැනි වරටත් මව් පදවිය ලැබීමට සූදානමින් සිටින බව සඳහන් වේ. 2014 වසරේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වු අක්ෂායි වර්දේ සමගින් විවාහ වූ සමීරා 2015 වසරේදී සිය පළමු දරුවා බිහි කර තිබුණි. සිය විවාහයත් සමගින් රංගනයෙන් ඈත්වූ සමීරා මේ 2013 වසර දක්වා බොලිවුඩ් හා දකුණු ඉන්දීය චිත්‍රපට 33ක් සඳහා රංගනයෙන් දායක විය. ඇය අවසන් වරට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වූයේ 2013 වසරේදීය. ඒ කන්නඩ චිත්‍රපටයක් සඳහාය.