සම්මානිත නිළියට ලිංගික හිරිහැර කළේ යැයි චෝදනා ලැබූ ප්‍රංශ අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-529

ලිංගික අඩත්තේට්ටම් කළේ යැයි සම්මානිත නිළි ඇඩෙල් හයිනල් විසින් එල්ල කළ චෝදනා අනුව ප්‍රංශ සිනමා අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆ් රජියා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

“බාලවයස්කරුවකුට ලිංගික බලපෑම් කිරීම” පිළිබඳ විමර්ශනයකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව යි ප්‍රංශ පොලිසිය 14 අඟහරුවාදා ප්‍රකාශ කර සිටි යේ.

මේ වනවිට 30 හැවිරිදි වියේ පසුවන හයිනල්, රජියාගේ සිනමාපටයක් වන “Les Diables” (යක්ෂයින්) හි රඟපාන විට 12 හැවිරිදි වියේ පසුවිය. සිනමාපටයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් කළ සංචාරයන් අතරතුර යොවුන් වියේ පසුවූ තමන්ට අධ්‍යක්ෂවරයා විසින් ලිංගික හිරිහැර සිදු කළ බවට ඇය චෝදනා එල්ල කළා ය.

ඉකුත් නොවැම්බරයේ දී හයිනල් කළ මෙම අනාවරණය ප්‍රංශ සිනමා කර්මාන්තය තුල දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට හේතු විය.

55 හැවිරිදි වියේ පසුවන ක්‍රිස්ටෝෆ් රජියා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ අඟහරුවාදා උදැසන ය.

ලිංගික පීඩා සිදු කළේ යැයි තමන්ට එරෙහිව එල්ල වන චෝදනා සිනමා අධ්‍යක්ෂ රජියා මින්පෙර දී ප්‍රතික්ෂේප කර තිබුණි.