සම්මාන ලාභී සාරා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-23-ent-44

හොලිවුඩ් රූපවාහිනී කතාමාලාවන් අද වන විට ලෝකයේ බොහෝ කතාබහට ලක්ව තිබේ. ග්‍රේම්ස් ඔෆ් ත්‍රෝන් වැනි රූපවාහිනී කතා අද වන විට හොලිවුඩයේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවලද විකාශය වනු ඇත. ඒ අතරින් මෙම වර්ෂයේ ආරම්භයේදී විකාශය වූ රූපවාහිනී කතාමාලාවක් අද වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. A Series of Unfortunate Events නම් වූ මෙම රූපවාහිනී කතාමාලාව 2017 ජනවාරි 13 වැනිදා සිට විකාශය කිරීම ආරම්භ වුණි. පළමු කතාංගය කොටස් 08කින් යුක්ත වෙයි. ඇමෙරිකාවේ Black Comedy නාට්‍ය සංකල්පයක් ඔස්සේ A 2017-11-23-ent-49Series of Unfortunate Events නම් වූ ළමා නවකතාව මෙලෙස නාට්‍යයක් ලෙස නිර්මාණය වී තිබේ. අප බොහෝදෙනා අදටත් ආදරය කරනු ලබන චිත්‍රපට මාලාවක් වන ‘Harry Potter’ චිත්‍රපට මාලාවේ ඇති මාධ්‍ය තාක්ෂණයටත් වඩා දියුණු තාක්ෂණයක් මෙහි දැකගත හැකිය. මෙහි නිෂ්පාදිත ආයතනයක් ලෙස කටයුතු කිරීමට ‘Netflix’ ආයතනය එකතු වී ඇති හෙයින් අද වනවිට රූපවාහිනී මාධ්‍ය ඔස්සේ මෙම කතාමාලාව ජනප්‍රියත්වයට පත්ව තිබේ. ‘Netflix’ ඔස්සේ මෙය 4K තාක්ෂණය ඔස්සේද නැරඹීමට හැකියාව තිබේ. මෙහි ප්‍රධාන චරිතය හැඩකරන්නේ සාරා කැනින්ය. කැනඩාවේ ගැන්ඩර්, නිව්ෆවුන්ඩ්ලෑන්ඩ් ඇන්ඩ් ලැබ්‍රාඩර්හි උපන් සාරා 29 හැවිරිදි වියේ පසුවෙයි. කැනේඩියානු සිනමා නිළියක මෙන්ම ජනප්‍රිය රූපවාහිනී නිළියක්ද වන ඇය පසුගිය කාලයේ එළිදැක්වූ ‘War of the Planet of the Apes’ හි නිරූපණය කරන ලේක්ගේ චරිතය හරහාද ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාරයට පාත්‍ර විය.

2009-14,17 කාල වකවානුවේ ‘The CW’ නාළිකාවේ විකාශය වූ අතිශය ජනප්‍රිය ‘The Vampire Diaries’ රූපවාහිනී කතා මාලාවේ ජෙනා සොමර්ස්ගේ චරිතය හරහා ජනප්‍රිය වූ ඇය, 2009 වසරේ තිරගත වූ වෘතාන්ත චිත්‍රපටයක් වූ ‘Black Field’ හි මැගී මැක්ග්‍රෙගර්ගේ චරිතය හරහාද ප්‍රේක්ෂක හදවත් දිනා ගත්තාය.

එසේම 2012-13 කාල වකවානුවේ කැනේඩියානු රූපවාහිනී කතාමාලාවක් වූ ‘Primeval: New World’ හි ඩයිලන් වෙයර් ලෙසින්ද, 2014 සිට 2015 කාලය තුළ විකාශය වූ වෛද්‍යමය ටෙලිනාට්‍යයක් වූ ‘Remedy’ වෛද්‍ය මෙලිස්සා කොනර්ගේ චරිතය හරහාද ජනප්‍රිය වූ ඇය, 2014 වසරේ විකාශය වූ ‘Hell on Wheels’ හි රඟපෑ චාලට් රෝයිස්ගේ චරිතය වෙනුවෙන් 2015 වසරේ පැවති ලියෝ සම්මාන උලෙළේදී හොඳම ආරාධිත රංගනයට හිමි සම්මානයටද නිර්දේශ වූවාය.

එමෙන්ම 2016 වසරේ දී විකාශය වූ ‘On the Farm’ ටෙලි චිත්‍රපටයේ රූපණය කළ සිනෙයිඩ් මැක්ලියොඩ්ගේ චරිතය වෙනුවෙන් එම වසරේ පැවති ලියෝ සම්මාන උලෙළේදී හොඳම ටෙලි චිත්‍රපට නිළියට හිමි සම්මානය සඳහාද නිර්දේශ වූ සාරා, මේ වසරේ විකාශය වූ ‘Lemony Snicket's A Series of Unfortunate Events’ රූපවාහිනී මාලා නාටකය වෙනුවෙන්ද මේ වසරේ පැවැති ලියෝ සම්මාන උලෙළේදී හොඳම ආරාධිත රංගනයට හිමි සම්මානය සඳහා නිර්දේශ වූවාය.

සම්මානලාභී රූපවාහිනී නිළියක් ලෙස හඳුන්වන සාරා 1987 ජූලි මස මස 14 වැනිදා උපත ලබා තිබේ. ක්‍රීඩා සඳහා විශාල උනන්දුක් දැක්වූ ඇය කුඩා කල සිටම හිම මත ලිස්සා යාමේ තරග සඳහා දායක වී තිබේ. එෆ්.ආර්. හේත්‍රෝන් කනිෂ්ඨ උසස් පාසලේදී නාට්‍ය හා රංග කලාවට ඇති වූ කැමැත්ත මත කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වූ ඇය, බෙව් ෆැසි ජනතා උසස් පාසලේදී විවිධ වේදිකා නාට්‍ය නිෂ්පාදන සඳහාද පාසල් රංගන ශිල්පිනියක ලෙස දායක වූවාය.

කෙසේවෙතත් සාරා වෘත්තීයමය රූපණ ශිල්පිනියක ලෙස වේදිකාවට පිවිසෙන්නේ ජෝර්ජ් ඕර්වෙල්ගේ වේදිකා නාට්‍ය නිෂ්පාදනයක් වූ ‘1984’ නම් වේදිකා නිර්මාණය තුළිනි. දෙමාපියන්ගේ අවධානය හේතුවෙන් ජනමාධ්‍ය ක්ෂේත්‍රයටද යොමු වූ සාරා දිගින් දිගටම කලාවට ඇලුම් කළාය. ඒ අනුව 19 හැවිරිදි වියේදී විශ්වවිද්‍යාලයෙන් සමුගත් සාරා, වැන්කෝවර් නගරයේදී වෘත්තීය මට්ටමෙන් රූපණය හදාරන ලදී. 2007 වසරේදී වැන්කෝවර් චිත්‍රපට පාසලෙන් උපාධියක් හිමිකර ගත් ඇය වැන්කෝවර් හිදී නිෂ්පාදනය වූ රූපවාහිනී චිත්‍රපට සහ මාලා නාටක හරහා වෘත්තීයමය රූපණ ශිල්පිනියක බවට පත්වූවාය.

2008 වසරේ සිනමා දිවියට සම්බන්ධ වූ සාරා 2016 වසරේදී රඟපෑ ‘Hello Destroyer’ චිත්‍රපටයත් ඇතුළත්ව චිත්‍රපට 06ක් සඳහා රංගනයෙන් දායක වී තිබේ. එමෙන්ම ඇය රංගනයෙන් දායක වූ මෙම වසරේ තිරගත වූ ‘Prodigals’ චිත්‍රපටයද ප්‍රේක්ෂක අවධානයට ලක් වූ අතර, War for the Planet of the Apes චිත්‍රපටයද ආදායම් අතරින් ඉහළින් රැදුණු චිත්‍රපටයක් විය.

 

 2017-11-23-ent-48 2017-11-23-ent-47 2017-11-23-ent-46 2017-11-23-ent-45.