සමන්තා විවාහ ගිවිස ගනියි
ජනප්රිය කොලිවුඩ් චිත්රපට කිහිපයකම රංගනයෙන් දායක වු සුරූපී නිළි සමන්තා රිතූ පසුගිය ජනවාරි 29 වැනිදා සිය විවාහ ගිවිස ගැනීම චෙන්නායිහිදී පවත්වනු ලැබුවා. ඇයගේ අතගනු ලැබුවේ වසර කිහිපයක් තිස්සේ පෙමින් වෙළි සිටි නාගා චෛතාන් සමගයි. නාගා යනු ජනප්රිය සිනමා නළු නාගර්ජන්ගේ බාල පුතාද වෙයි.
කොලිවුඩ් නළු නිළියන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම විවාහ ගිවිස ගැනීමේ උත්සවය ඉතා චාම් මුහුණු වරක් ගත් බව කොලිවුඩ් සිනමා පුවත් අනාවරණය කර සිටියි. පසුගිය වසරේ අවස්ථා කිහිපයකදීම මොවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම සිදුකරන බවට තොරතුරු ලැබුණද අවසානයේ ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම 2017 වසර දක්වා කල්ගත විය.
මෙසේ මොවුන්ගේ විවාහ ගිවිස ගැනීම කල්ගත වූයේ සුර්යා සමගින් රඟපෑ ‘24’ චිත්රපටයේ හා මහේෂ් බාබු සමග රඟපෑ ‘බ්රරාමොට්සවම්’ චිත්රපටවල රූපගත කිරීම් කටයුතු නිසාවෙනි. මේ වනවිටද චිත්රපට කිහිපයකම වැඩ කරන සමන්තා ඉදිරියේදී රාම් චරන් හා විජය සේතුපති සමගින් රංගනයෙන් දායක වන චිත්රපට කිහිපයකින්ද රසික හමුවට පැමිණීමට සූදානමින් සිටියි.