සනීට බැංග්ලෝර් තහනම් වෙයි
බොලිවුඩයේ ‘බාබිඩෝල්’ ලෙස හඳුන්වන සනී ලියොන්ට එළැඹෙන දෙසැම්බර් 31 වැනිදා බැංග්ලෝර් නගරයේ පැවැත්වීමට නියමිතව තිබු නව වසර උදාවීමේ සාදයක් සඳහා අවසර නොලැබී තිබෙන බව සඳහන් වේ. බැංග්ලෝර්හි ‘යුවසේනා’ නම් සංවිධානයක් කළ උද්ඝෝෂණයක් එයට හේතුව වී ඇත. මෙම සංවිධානය පවසන්නේ වැඩිහිටි චිත්‍රපට සිනමා නිළියක් නව වසර උදාවිමේ වැඩසටහනක් සඳහා යොදා ගැනීම උචිත නොවන බවය. කෙසේ වෙතත්, මේ වන විට වැඩිහිටි චිත්‍රපට රංගනයෙන් ඉවත්ව ඇති සනී ලියොන් 2012වසරේ සිට මේ ඇය ඉන්දීය සිනමා චිත්‍රපට සඳහා පමණක් රංගනයෙන් දායක වි ඇත.