සනීගේ වැලෙන්ටයින් තැග්ග
වර්තමානයේ ඉන්දීය සිනමා නිළියක් ලෙස කටයුතු කරන සනී ලියොන් නිරන්තරයෙන්ම රසික අවධානය දිනාගන්නා තැනැත්තියකි. මීට දින කිහිපයකට පෙර යෙදී තිබුණ ‘ආදරවන්තයින්ගේ දිනයේදී’ ඇය විසින් සිය සැමියා වූ ඩැනියෙල් වෙබර්ට අපුරු තැග්ගක් ලබාදි තිබුණ බව වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සනී විසින් වෙබර්ට ලබාදි ඇත්තේ ඇයත් සමග රාත්රි භෝජන සංග්රහයකි. මනරම් දසුන්වලින් පිරි මුම්බායි නගරයේ තරු හෝටලයක සනී හා ඇගේ සැමියා පමණක් සහභාගී වූ මෙම රාත්රි භෝජන සංග්රහය ඇය විසින් පටිගත කොට තම ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුමට එක්කොට තිබුණි.