සනීගේ වාර්තාමය වැඩසටහන් සැටලයිට් නාලිකාවල
නිල් චිත්‍රපටයක් ලෙස නමක් දිනාගත් සනී ලියොන් වර්තමානය වනවිට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ඉන්දීය සිනමා නිළියක් ලෙසය. ඉන්දු - කැනඩා සම්භාව්‍යයක් ඇති සනී ලියොන් කුඩා කාලයේ සිට කටයයුතු කර ඇත්තේ කැනඩාවේ හා ඇමෙරිකාවේය. වයස අවුරුදු 19ක් වන විට නිල් චිත්‍රපට කාර්මාන්තයට සම්බන්ධ වී පසුව නිල් චිත්‍රපට නිළියක් මෙන්ම අධ්යක්වරියක් ලෙසද කටයුතු කර ඇති ඇය 2014 වසරේදී නිල් සිනමා වෘත්තියට සමුදි ඇත.
සිය පෞද්ගලික ජිවීතේ හා සිනමා ජීවිතේ අලලා සැකසුණ වාර්තාමන වැඩසටහන් කිහිපයක්ම ජනප්‍රිය සැටලයිට් නාලිකා වන ‘ටි.එල්.සී.’ හා ‘ඩිස්කවරි’ චැනල් ඔස්සේ විකාශය කිරීමට නියමිතව ඇත. සනී ලියෝන්ගේ කථාව ඉතා ආකර්ෂණීය තේමාවන් ගණනාවකට සම්බන්ධ වන බැවින් එය සිත් ඇදගන්නා සුළු වාර්තාමය චිත්‍රපටයක් වනු ඇතැයි එය අධ්‍යක්ෂණය කළ ඩිලිප් මෙතා මාධ්‍යයට පවසා ඇත.