සනී ලියෝන්ව අභියෝගයක් වුණ නිල් චිත්‍රපට නිළිය
බොලිවුඩ් සිනමාවට විවිධ වූ ආක්‍රමණයන් එල්ල වූ බව බොහෝදෙනා ප්‍රකාශ කරනු ලබන කාරණාවක්. ඒ බොලිවුඩ් සිනමාවේ බිහිව ඇති නළු නිළියන්ට අමතරව විදෙස් ජාතීන් එය ආක්‍රමණය කිරීමයි. ඒ අතරින් බොහෝ කාලයක් කතාබහට ලක් වූයේ නිල් චිත්‍රපට නිළියක් ලෙස සුප්‍රසිද්ධියට පත්ව සිටි සනී ලියෝන් බොලිවුඩ් සිනමාව තුළ කටයුතු කිරීමයි. ඒ කාරණාව හේතුවෙන් ඇතැම් විට බොහෝදෙනා ඇයව ප්‍රතික්ෂේප කරනු ලැබුවත් යම් යම් අධ්‍යක්ෂකවරුන් විසින් ඇයගේ රංගනය තම චිත්‍රපටය වෙනුවෙන් යොදා ගනු ලැබුවා.
එසේ වුවද අද වන විට නිල් චිත්‍රපට නිළියකට වඩා ඇයව බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ ඉන්දියානු සිනමාවේ නිළියක් ලෙසයි. සනී ලියෝන්ගේ බොලිවුඩ් ආගමනයත් සමගින් බොලිවුඩ් සිනමාව තුළ නිර්මාණය වන චිත්‍රපට සඳහා සරාගී දර්ශන වැඩි වැඩියෙන් එක්කාසු විය. ඒ කාරණාව කෙසේවුවත්, මේ වන විට උණුසුම් පුවත වන්නේ සනී ලියෝන්ටත් අභියෝග කරන නිළියක් බොලිවුඩයට පැමිණීමයි.
ඉන්දියානු සිනමාවේ නවතම ආක්‍රමණය ලෙස සැලකෙන ඇය නමින් ‘මියා මැල්කෝවා’ වෙයි. කැලිෆෝනියා හි පදිංචිව සිටින ඇය ඉන්දියානු සිනමාවට පිවිසෙනු ලබන්නේ ඉන්දියානු අධ්‍යක්ෂකවරයෙකු වන ‘රාම් ගෝපාල්ගේ’ නවතම නිර්මාණයක් ඔස්සේ බවයි සඳහන් වන්නේ. ඇය දායක කර ගනිමින් ඉන්දියානු සිනමාව තුළ ආන්දෝලනාත්මක චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සූදානම් බවයි ඉන්දියානු වාර්තා සඳහන් කරන්නේ. GOD, SEX and TRUTH ලෙසින් නම්කර ඇති මෙම චිත්‍රපටය අතිශයින් වැඩිහිටියන්ට පමණක් සීමා වූවකි. පසුගියදා (16දා) මෙම චිත්‍රපටයේ ප්‍රචාරකපටය එළිදැක්වීමත් සමගින් බොහෝදෙනා ඒ සඳහා සඳහා විරෝධය පා තිබේ. මෙම චිත්‍රපටය අන්තර්ජාලය ඔස්සේ එළිදැක්වීමට නියමිත බවයි සඳහන් වන්නේ. මේ මස 26 වැනිදා මියා මැල්කෝවාගේ Vimeo නිල චැනලය ඔස්සේ මෙම චිත්‍රපටය නැරඹීමට හැකියාව තිබෙන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. මෙය වාර්තා වැඩසටහනක් සහ කෙටි චිත්‍රපටයක් නොවන බවයි සඳහන් වන්නේ.
මියා තම ට්විටර් ගිණුම ඔස්සේ පවසා ඇති දෙයින් ඇයව බොහෝ දෙනාගේ විවේචනයට පත්ව තිබෙනවා. අනාගතයේදී සනී ලියෝන්ට පසු ඉන්දියානු චිත්‍රපට සඳහා එක්වන දෙවැනි නිල් චිත්‍රපට නිළිය ඇය බව පවසා තිබේ. ඊට අමතරව ඇය අධ්‍යක්ෂක රාම් ගෝපාල් හටද ස්තූතිකර තිබේ. ඇය මීට පෙර ඇමෙරිකාව තුළ නිල් චිත්‍රපට හරහා විශාල ජනප්‍රියත්වයක් ලබා ඇති අතර, නිල් චිත්‍රපට හේතුවෙන් සම්මාන 04කටද හිමිකම් කියනු ලබයි.