සනී ලියෝන්ට චිත්රපට නැහැලු
2017 වසරේ තිරගත වූ ‘තෙරේ ඉන්තසාර්’ චිත්රපටයෙන් පසුව මේ දක්වා කිසිදු බොලිවුඩ් නිර්මාණයක් භාර නොගත් බව ජනප්රිය ඉන්දීය සිනමා නිළි සනී ලියොන් පවසා ඇත. සිය දියණිය නිෂා වෙබර්ගේ වැඩ කටයුතු නිසාවෙන් කිසිදු කලා නිර්මාණයකට දායක වෙන්නට කාලයක් සොයා ගැනීමට අපොහොසත්ව ඇති බව පවසන සනීට මේ වනවිට බොලිවුඩ් මෙන්ම කොලිවුඩ් චිත්රපට කිහිපයකටම සම්බන්ධ වීමට ආරාධනා ලැබුණ බව පවසා ඇත.
ඉදිරියේදී රූපවාහිනි වෙළෙඳ දැන්විම් කිහිපයක් හා මියුසික් විඩියෝ කිහිපයකටම දායක වෙන්නට සූදානමින් සිටින සනී සිනමා නිර්මාණයකින් දකින්නට සිය රසික, රසිකාවියන්ට කාලයක් බලා සිටින්නට සිදුවෙනු ඇතැයිද මෙහිදි වැඩිදුරටත් පවසා තිබේ.