සනී ලියෝන් නිසා 'වීරමාතා' චිත්‍රපටයට විරෝධය
මේ දිනවල ඉන්දියාවේ පුනා නගරයේ රූපගත කෙරෙන ‘වීරමාතා’ චිත්‍රපටයට අන්තවාදින් පිරිසක් විරෝධය දක්වා තිබේ. ඒ ‘වීරමාතා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන සනී ලියෝන්ට එරෙහිවය.
සනී ලියොන් වැනි නිල් චිත්‍රපටවල පෙනි සිටි නිළියක් ‘වීරමාතා’ වැනි ඉන්දීයාවේ වීරවරියකට පණ පෙවීම හේතුවෙන් මෙසේ අන්තවාදින් සිය විරෝධය දක්වා තිබේ.
සනී ඉන්දීය චිත්‍රපටයක් සඳහා එක්වන්නේ පසුගිය වසරේ තිරගත වූ ‘තෙරේ ඉන්තසාර්’ චිත්‍රපටයෙන් පසුව වීම විශේෂත්වයකි. මෙම චිත්‍රපටය හින්දි, දමිල, තෙළෙඟු, කන්නඩ, මලයාලම් යන භාෂාවලින් හඬකවන්නටද කටයුතු කර ඇත.