සනී නිසා 'බද්ෂාඕ' වෙන අවධානය වැඩි වෙයි
සැප්තැම්බර් 01 වැනිදා ප්රදර්ශනය වීමට නියමිත මිලාන් ලුතේරාගේ ‘බද්ෂාඕ’ චිත්රපටය කෙරෙහි ප්රේක්ෂක උනන්දුව මේ වනවිට වැඩිවී තිබෙනවා. එයට හේතුව නම් සනී ලියෝන් ‘බද්ෂාඕ’ චිත්රපටයේ රංගනයෙන් දායක වන ‘ප්රියා මෝර්’ ගීතය මේ වනවිට නිකුත් වී තිබීමයි.
මෙම ගීතය තුළ ඇය එම්රාන් හෂිම් සමගින් සරාගී දර්ශන කිහිපයකටම පෙනී සිටින අතර, ඒ නිසාම මේ ගීතය කෙරෙහි ප්රේක්ෂක උනන්දුව වැඩිවී තිබෙන බව සඳහන් වෙනවා. 70 දශකයේ කතා තේමාවක් රැගත් මෙම චිත්රපටයේ මෙම ගීතය මීට පෙර රාජ් කපූර් හා ඩිම්පල් කපාඩියා ‘බොබි’ චිත්රපටයේ රඟපෑ ගීතය ජවනිකාවලට බොහෝ සෙයින් සමාන බව සඳහන්.