සනී, නිශාගේ උපන්දිනය සමරන්න ඩිස්නි ගිහින්
බොලිවුඩයේ ‘බාබිඩෝල්’ ලෙස හඳුන්වන සනී ලියොන් පසුගිය සති අන්තයේදී සිය සැමියා වූ මාක් වෙබර් හා දියණිය නිශා වෙබර් සමගින් ඇමෙරිකාවේ සංචාරයක නිරත වූහ. ඒ කැල්ෆෝනියාහි පිහිටි ඩිස්නිලන්තය නැරඹීම සඳහාය. වාර්තා වන අන්දමට සනි මෙසේ සිය පවුලේ අයත් සමගින් ඩිස්නිල්නතයේ සංචාරය කර ඇත්තේ ඇගේ දියණිය නිෂාගේ දෙවැනි උපන්දිනය සැමරීම සඳහාය.
ඩිස්නිලන්තයට අමතරව ඔවුන් ඇමෙරිකාවේ ඇරිසෝනාහිද සංචාරය කළ අතර එහිදී විශේෂිත උපන්දින සාදයක් සිය දියණිය නිශා වෙනුවෙන් සනි විසින් සංවිධානය කරන තිබුණ බවද වාර්තා වේ. මේ සඳහා වෙබර් පවුල හැරෙන්නට වෙනත් කිසිවෙකු සහභාගී නොවූ බව සඳහන් විය. එහෙත්, සනී සිය ‘ට්විටර්’ ගිණුමේ සඳහන් කර තිබුණේ නිශා වෙනුවෙන් විශේෂිත වූ උපන්දිනයක් පවත්වන්නට තමා හා ඩැනියෙල් බලාපොරොත්තු වෙන් සිටින බවය.