සනිගේ පවුලට එකතු වුණ අලුත් අමුත්තා
වැඩිහිටි චිත්රපට හරහා ලොවපුරා අතිශය ජනප්රිය වූ සනී ලියොන් මේ වනවිට බොලිවුඩ් සිනමාව තුළද අතිශය ජනප්රියව සිටින්නියකි. නිරතුරුවම රසික අවධානය දිනාගන්නා නිළියක් ලෙස ප්රසිද්ධව සිටින සනි ලියොන් පසුගියදා කුඩා දරුවෙකු දරුකමට හදාගන්නට තිරණය කර තිබුණි.
සිය විවාහක සැමියා වූ වැඩිහිටි සිනමා නළු ඩැනියෙල් වෙබර් සමග ගත් එකඟතාවයක් මත සනි ලියොන් මෙම දරුවා දරුකමට හදාගත් බව සඳහන් වේ. මහරාෂ්ට ප්රාන්තයේ ලාටුර්හි පදිංචිව සිටි දිළිදු පවුලකින් ලැබුණ මෙම දරුවාට මේ වනවිට නීෂා වෙබර් ලෙස නමද තබා තිබේ. නීෂා දැනට මාස 14ක් වයසැති දරුවෙකි.