සන්ජේගේ 'බූමි' වාර්තා අතරට
සන්ජේ දත් විසින් ප්‍රධාන රංගනයෙන් දායක වූ ‘භූමි’ චිත්‍රපටය මේ වනවිට මුදල්මය වාර්තා අතරට පැමිණෙමින් තිබේ. පසුගිය 22 වැනිදා එළිදැක් වූ මෙම චිත්‍රපටය දින දෙකක් ඇතුළත දී ඉන්දියානු කෝට් 4.72ක ආදායමක් ලබා ඇති බව ඉන්දියානු මාධ්‍ය පෙන්වා දෙයි. මෙහි අධ්‍යක්ෂකවරයා වන ඔමන්ග් කුමාර් සඳහන් කරන්නේ මෙම චිත්‍රපටය මෙපමණ ආදායමක් ඉතා ඉක්මනින් ලබාගැනීම පුදුමයට කරුණක් බවය.