සන්ජේ සහ මධුරිගේ ආදරය සිනමාවට?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-07-ent-77

මධුරි ඩික්සිත් සහ සන්ජේ දත්ගේ සැබෑ ජීවිතය පදනම් කරගනිමින් නිර්මාණය කිරීමට සූදානම් චිත්‍රපටයක් පිළිබඳව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. නමුත් මෙම කාරණාව මධුරිගේ අමනාපයට හේතුවන බවත් සඳහන් වෙනවා. මෙම සිනමා නිර්මාණය ප්‍රවීණ සිනමාකරු රාජ් කුමාර් හිරානිගේ කාර්යයක් බවයි සඳහන් වන්නේ. මෙහි ප්‍රධාන නළුවා ලෙස සන්ජේ දත් දායක වන අතර, ඔහුගේ බිරිඳ ලෙස රංගනයෙන් දායක වන්නේ ඩියා මිර්සාය.

සෝනම් කපූර් ඔස්සේ මධුරිගේ ජීවිතයේ සිදුවීම්ද නිරූපණය වීමට නියමිත බවයි සඳහන් වන්නේ. මේ පිළිබඳව මධුරි ඩික්සිත් සිය විරෝධය දක්වා තිබේ. එහිදී ඇය එහි අධ්‍යක්ෂකවරයාට පවසා ඇත්තේ තමන්ගේ ජීවිතයේ සිදුවීම් චිත්‍රපටයක් සඳහා යොදා නොගන්නා ලෙසයි. අනූව දශකයේ අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි මධුරි සහ සන්ජේ දත් පෙම් සබඳතාවක් පැවැත්වූ බවට තොරතුරු පුවත්පත් සහ සඟරා වාර්තා කරනු ලැබුවා. මෙම චිත්‍රපටයේ කතාමාලාව වෙනස් කිරීමට තීරණය කර ඇති බවද ඇතැම් ඉන්දියානු මාධ්‍ය සඳහන් කරනවා. කෙසේවෙතත් මේ කාරණාව පිළිබඳව සන්ජේ දත් කිසිදු ප්‍රකාශයක් පළ නොකිරීම පුදුමයට කරුණක් බවයි බොහෝදෙනාගේ අදහස වන්නේ.

 

2017-06-07-ent-76