සන්ජේ ලීලා බන්සාලි ප්‍රියංකා එක්ක වැඩ කරන්නේ නැහැලු
‘පද්මාවත්’ චිත්‍රපටය හේතුවෙන් බොහෝ දෙනා දැන හැඳිනගත් අධ්‍යක්ෂකවරයෙකු වන සන්ජේ ලීලා බන්සාලි ප්‍රියංකා චොප්රා සමග චිත්‍රපටයක් සඳහා ගිවිසුමක් ඇති කරගත් බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. නමුත් මේ කාරණාව ප්‍රතික්ෂේප කරමින් සන්ජේ පවසන්නේ, ප්‍රියංකාට ඔහු ගරු කරන අතර, ඇයට පෞද්ගලිකව ඉතාමත් ඇලුම් කරන බවයි. නමුත් ඇය සමග චිත්‍රපටයක් සඳහා හෝ කිසිඳු ගිවිසුමක් ඇති නොවන බව ඔහු කියා තිබේ. ප්‍රියංකා තමන්ගේ චිත්‍රපට සඳහා සම්බන්ධ කර නොගන්නා බවත් ඔහු පවසා තිබේ.