සන්ජේ දත්ට විරුද්ධව පැමිණිල්ලක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-02-22-ent-111

වසර කිහිපයක් සිරගත වී සිට නිදහස් වූ ප්රිවීණ නළු සන්ජේ දත් හට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව ඉන්දීය මාධ්ය වාර්තා කරනු ලැබීය. ඒ ඔහු විසින් අසල්වැසියන්ට හිරිහැරයක් වන අයුරින් සාදයක් පැවැත්වීම හේතුවෙනි. මෙවැනි සිදුවීම් මීට පෙරද ඇති වූ බවටද ඉන්දියානු වෙබ් අඩවි වාර්තා කරයි. ඔහුගේ නිවසේ සාදයකදී දැරිය නොහැකි අන්දමේ ඝෝෂාවක් පැවති අතර, මැදියම් රැයට ආසන්නයේ නිකුත් වූ මේ ඝෝෂාකාරී තත්ත්වය නිසා සන්ජේගේ නිවස අවට සිටි අසල්වැසියන් දැඩි පීඩාකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බවද සඳහන් වේ. මේ පිළිබඳව ජ්යෙ ෂ්ඨ පොලිස් පරීක්ෂකවරයකු වන රාමචන්ද්ර් යාධව් පැවසුවේ පැමිණිල්ල ලද විගසින්ම සන්ජේගේ නිවසට ගිය පොලිස් නිලධාරීන් වහාම එම ඝෝෂාකාරී සංගීතය නවතා දැමූ බවයි. මෙවැනි සිදුවීම කොතෙකුත් සිදුවුවත් සංජේ විසින් සාද දැමීම නවතා නොමැති බවයි සඳහන් වන්නේ.