සන්ජේ දත්ගේ චරිතය තිරයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-27-ent-10

බොලිවුඞ් පුරවරය කලින් කලට විවිධ තේමාවන් ඔස්සේ චිත‍්‍රපටි නිෂ්පාදනය කරන්නට පුරුදුව සිටියි. නවතම තේමාව වී ඇත්තේ ක‍්‍රීඩා, සංගීත, චිත‍්‍රපටි, දේශපාලන ක්ෂේත‍්‍රවල නම රැුන්දු පුද්ගලයන්ගේ සැබෑ ජීවිත කතා ඇතුළත් නිර්මාණය. එසේ සැබෑ ජීවිත කතා ඇසුරින් නිර්මාණ කිරීම පහසු කටයුත්තක් නොවේ. අදාළ පුද්ගලයාගේ සියලූම තොරතුරු සොයා ගත යුතුය. ඒ රුවටම ගැලපෙන නළු නිළියන් යොදා ගත යුතුය. එහෙත් නිෂ්පාදකයෝ කෙසේ හෝ ඒ අභියෝගය ජය ගනිති. නළු නිළියන්ද අදාළ චරිතයට ගැලපෙන ආකාරයට සිය රූපය හැසිරීම වෙනස් කර ගන්නට පැකිළෙන්නේ නැත. එවන් චරිත ඔවුන්ට අලූත්ම අත්දැකීමක් ලබාදෙන බැවිනි.

2017-04-27-ent-11බොලිවුඩයේ බොහෝ කතාබහට ලක්වූ නළුවෙකු වන සන්ජේ දත් ගේ චරිතය අළලා චිත‍්‍රපටියක් නිර්මාණය කරන්නට රාජ් කුමාර් හිරානි සූදානමින් සිටියි. මෙහි සන්ජේ දත් ගේ චරිතය නිරූපණය කරන්නේ රන්බීර් කපූර්ය. ඔහු මේ දිනවල සන්ජේ ගේ චරිතය අධ්‍යයනය කරනවා පමණක් නොව සන්ජේට සමාන පෙනුමක් ඇති කර ගන්නටත් උත්සාහ කරන්නේය. සන්ජේගේ අත්වල කොටා ඇති පච්ච ද ඒ ආකාරයෙන්ම කොටා ගන්නට තමාගේ අකැමැත්තක් නැතැයි ඔහු පවසයි.

සන්ජේ දත් ගේ මව ජනප‍්‍රිය චිත‍්‍රපටි නිළියකව සිටි නාර්ගිස් ගේ චරිතය රඟපාන්නේ මනීෂා කොයිරාලය. මනීෂා මේ චරිතයට තෝරා ගන්නට ප‍්‍රධානතම හේතුව ඇය පිළිකාවක් සමග සටන් කළ කාන්තාවක වීම බැව් රාජ් කුමාර් හිරානි පැවසුවේය.

‘‘නාර්ගීස්ටත් වැළඳුණේ පිළිකාවක්. ඇයට ප‍්‍රතිකාර කළේත් මනීෂාට ප‍්‍රතිකාර කරපු නිව්යෝර්ක් රෝහලේමයි. මේ වගේ සමානකම් තවහුඟක් තියෙන හින්දා මනීෂට නාර්ගිස්ගේ චරිතය හුඟාක් හොඳට නිරූපණය කරන්න පුළුවන් වෙයි කියල මම හිතනවා.’’ ඔහු කියයි.

සන්ජේ දත් ගේ ආදරයට හිමිකම් කියූ කාන්තාවන් කිහිපදෙනෙකුම ඔහුගේ ජීවිත කතාවේ සිටිති. සෝනම් කපූර්, අනුෂ්කා ශර්මා දියා මිර්සා එම චරිත රඟපාති. සෝනම් ගේ චරිතය විනාඩි හත අටකට සීමාවී තිබේ. සන්ජේගේ බිරිඳ මාන්යනා දත් ගේ චරිතය නිරූපණය කරන්නේ දියා මිර්සාය.

සන්ජේ දත් බොහෝ ආන්දෝලනාත්මක සිදුවීම්වලට මුහුණ දුන් අයෙකි. ඔහුගේ චරිතය සිහින චිත‍්‍රපටියක් ආන්දෝලනාත්මක වනු ඇතැයි බොහෝදෙනෙක් අනාවැකි පළ කරති. චිත‍්‍රපටිය තිරගත වෙන්නට නියමිතව ඇත්තේ 2017 දෙසැම්බර් මාසයේදීය.

 

2017-04-27-ent-09