සතියක් තුළදී ටප්සිගේ චිත්‍රපට දෙකක්
ලබන වසරේ ජනවාරි අග හා පෙබරවාරි මුල් සතිවලදී ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි ටප්සි පන්නුගේ බොලිවුඩ් චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. ඇය රඟන ආකාෂ් භාටියාගේ ‘ලූප් ලාපේටා’ චිත්‍රපට ජනවාරි 29 වැනිදා තිරගත වීමට නියමිත අතර, රාහුල් ඩෝලිකියාගේ ‘ෂභාෂ් මිතූ’ චිත්‍රපටය පෙබරවාරි 03 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතය.
කෙසේ වෙතත්, වාර්තාවන අන්දමට ටප්සි රඟන මෙම චිත්‍රපට දෙකම තවමත් රූපගත කොට අවසන් කර නොමැති බවය. එහෙත්, නිෂ්පාදක කණ්ඩායම් මෙම චිත්‍රපටය ප්‍රකාශිත දිනයේදීම එළිදැක්විමට සුදානම් කරන බවට තොරතුරු වාර්තා කර සිටියි.