සති කිහිපයකින් පසුව නැවතත් පරිනීති ටෙනිස් පිටියට
සුපිරි ඉන්දීය බැඩ්මින්ටන් ක්රීඩිකා සයිනා නෙවාල්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය කරන චිත්රපටයේ ප්රධාන නිළි චරිතයට පණ පොවන පරිනීති චොප්රා මීට සති තුනකට පෙර චිත්රපටයේ රූපගත කිරීමක් අතරතුරදී ආබාධයට ලක් විය. බැඩ්මින්ටන් ක්රීඩාවේ යෙදන අවස්ථාවක් රූපගත කිරිමකදී ඇයගේ බෙල්ල උඩ කොටස ඇදීමට ලක්ව තිබෙන බව සඳහන් වේ. මේ වනවිට ඇයගේ මෙම ආබාධය සියයට සියයක් සුව වී ඇති අතර, මීට දින කිහිපයකට පෙර ඇය මෙම චිත්රපටයේ ඉදිරි රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව ඇත.