'සඩක්' දෙවැන්නට නළුනිළියන් තෝරයි
1991 වසරේදී අතිශය ජනප්‍රිය වූ මහේෂ් භාට්ගේ ‘සඩක්’ චිත්‍රපටයේ දෙවැන්න නිර්මාණය කිරීමට මේ වනවිට සැලසුම් කර සිටියි. පසුගිය මාස කිහිපයේදීම මෙම චිත්‍රපටය නිර්මාණය කරන බවට ඉඟි පළ වු නමුත්, මේ සම්බන්ධව නිශ්චිත තොරතුරක් වාර්තා නොවීය.
පසුගියදා මෙම චිත්‍රපටයේ මුහුරත් උළෙල පවත්වනු ලැබු අතර, ඒ සඳහා ‘සඩක්’ චිත්‍රපටයට දායක වූ සංජේ දත් හා පූජා භාට් දෙදෙනා එක්ව සිටියහ. නිර්මාණය වන ‘සඩක්’ දෙවැන්න සඳහා සජේ හා පූජාට අමතරව ආලියා භාට් හා ආදිත්‍ය රෝයි කපූර් තෝරා ගෙන ඇතැයි වාර්තා වේ. මෙම චිත්‍රපටය 2020 වසරේ මාර්තු 25 වැනිදා ප්‍රදර්ශනය කිරීමට මහේෂ් භාට් සැලසුම් කර ඇත. එමෙන්ම මෙය පළමු චිත්‍රපටය තිරගත වී වසර 29කට පසුව ප්‍රදර්ශනය වීම විශේෂත්වයක්ද වේ.