සංවත්සරය නිසා අනුෂ්කා නිවාඩු
එළැඹෙන දෙසැ.21 දා ප්‍රදර්ශනය වන %සීරෝ^ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලින් අනුෂ්කා ශර්මා නිවාඩු ගෙන තිබේ. ඒ ඇයගේ විවාහ සංවත්සරය සැමරීම වෙනුවෙනි. පසුගිය වසරේ දෙසැ.11 දා විවාහ වූ විරාත් සහ අනුෂ්කාගේ සංවත්සරය වෙනුවෙන් මෙලෙස වැඩකටයුතුවලින් ඉවත් වූ බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කර සිටියි.