සංදීප් නාහර් දිවි නසාගෙන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter


තමා දිවි නසා ගන්නා බවට මුහුණු පොතේ දිග වීඩියෝ ප්‍රකාශයක් පළ කිරීමෙන් අනතුරුව 32 හැවිරිදි සිනමා නළු සංදීප් නාහර් මුම්බායි හි සිය නිවසේදී ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ. තමා සහ බිරිඳ කාංචන් අතර නිරන්තරයෙන්ම ගැටුම් ඇති වන බවත් ඇය සහ ඇගේ අම්මා තමාට හිරිහැර කරන බවත්, ඔහු එම ප්‍රකාශයේ සඳහන් කර ඇති බැව් ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය කියයි. ඔවුන්ගේ යුග ජීවිතයේ වයස තවමත් අවුරුදු දෙකක් පමණකි. දවස පුරාම ඔවුන් අතර ඇති වන්නේ අමිහිරි ගැටුම්ය. ඇය දිවි නසා ගන්නා බවට ඔහුගේ බිරිඳ සිය වරක් පමණ ඔහුට තර්ජනය කර තිබේ. ඔහු ජීවිතය කෙරෙහි කළකිරවා ඇත්තේ මේ සියල්ලම විසිනි. කෙසේ වුවත් තමාගේ මරණයට බිරිඳ වගකිව යුතු නැති බැව් ඔහු එම වීඩියෝවේ කියා තිබේ. 
“දිවි නසා ගැනීම හොඳම විසඳුම කියලා මීට ඉස්සරත් මට හිතිලා තිබුණා.. ඒත් මගේ විවාහ ජීවිතය හොඳ පැත්තට හැරෙයි කියන බලාපෙරොත්තුවෙන් මම ටික කාලයක් ඉවසාගෙන හිටියා..  දැන් මම බොහොම සතුටින් මේ තීරණය ගන්නවා.. මොකද මේ ජීවිතය මට පෙන්නන්නෙ අපාය විතරයි..”
ඔහු තව දුරටත් කියා තිබිණි. 
බොලිවුඞ් ක්ෂේත්‍රයේ ඇති තමන්ගේ අවස්ථාව අන්තිම මොහොතේ තමාගෙන් ඩැහැ ගැනීම වැනි දේවල් පිළිබඳව ද ඔහු තුළ කළකිරීමක් පැවතුණ බැව් එම ප්‍රකාශයේ සඳහන්ය. 
ඔහු දිවි නසා ගන්නා විට බිරිඳ කාංචන් ද නිවසේ සිට ඇත.   ඔහු දොර නොහරින නිසා ඇය අසල්වැසියෙකුගේ උදව්වෙන් කාමරයේ දොර කඩා ඔහුගේ සිරුර රෝහලට ගෙන ගොස් තිබේ. පළමු රෝහලින් එය බාර ගන්නට නොහැකි බැව් කියා ඇති අතර ඔහු මිය ගොස් ඇති බැව් දෙවන රෝහලින් දැනුම් දුන් බැව් සඳහන්ය.  පොලීසිය කියන්නේ එම වීඩියෝවේ කුමක් සඳහන් වි තිබුණත් මරණයට සැබෑ හේතුව දැන ගත හැක්කේ මරණ පරීක්ෂණයෙන් පසුව බවය. 
මියගිය සුශාන්ත් සිං රාජ්පුත් සමඟ එම් එස් දෝනි අන්ටෝල්ඞ් ස්ටෝරි චිත්‍රපටියේ සහ ආක්ෂේ කුමාර් ගේ කේසාරි චිත්‍රපටියේ ද, වෙබ් චිත්‍රපටිවල ද ඔහු රඟ පා තිබේ. 
“තමන් ඉස්සර වෙලාම තමන්ට ආදරය කරන්න ඕන.. ප්‍රශ්නවලට විසඳුම දිවි නසා ගැනීම නෙමෙයි..”
මිනිසුන් දිවි නසා ගැනීමට පෙළඹීම වළක්වන්නට කටයුතු කරන ආයතනයක ප්‍රකාශකයෙක් පවසා තිබිණි. 

20210306Sandeep-1 20210306Sandeep-2 20210306Sandeep-3