සංජේ දත්ට රසිකාවියක් තම දේපල ලියලා දීලා
බොලිවුඩ් සිනමාවේ විවිධ පුවත් බොහෝ මාධ්‍ය විසින් දිනපතා වර්තා කරනු ලබයි. ඒ අතරින් වෙනස්ම ආකාරයේ පුවතක් පසුගියදා වාර්තා විය. ඒ රසිකාවියක් විසින් තමන් අතීශය අලුම් කරන නළුවෙකු වෙනුවෙන් තමන්ට අයත් මුලු දේපල පැවරීමේ පුවතයි. ඒ නිශී හරිස්චන්ද්‍ර නම් රසිකාවියක් විසින් තමන්ට අයත්ව තිබු මුදල්, සේප්පුව තුළ ඇති ආභරණ සහ දේපල වත්කම් සුපිරි නළුවෙක් වන සංජේදත් වෙත පවරා දී තිබෙනවා. මේ කාරණාව පිළිබඳව අදාල බැංකුව විසින් සංජේ දත්ව දැනුවත් කර ඇති අතර, සංජේ දත් පවසා ඇත්තේ ඇයගේ හදිසි මරණ පිළිබඳව බලවත් ලෙස කනගාටුවට පත් වෙන බවයි. එමෙන්ම මෙම රසිකාවිය කිසි දිනෙක ඔහුට හමුවී නැතිබවත් සංජේ පවසා තිබෙනවා.
ඒ අදාල මුදල් සහ ස්වර්ණාභරණ භාර ගැනීමද ප්‍රතික්ෂේප කර තිබෙනවා. 62 හැවිදිරි මෙම කාන්තාව මිය ගොස් ඇත්තේ අසාධ්‍ය රෝගී තත්ත්වයක් හේතුවෙන් බවත් සඳහන් වෙයි. කෙසේ වෙතත් සන්ජේ දත් අදාල බැංකුවට පවසා ඇත්තේ ඇයගේ වත්කම් ඇයගේ පවුලේ අයට ලබා ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග සකස ලෙසයි.