හදවත් පිළිකා රෝගයෙන් පිඩා විඳින ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සංජේ දත් මේ දිනවල ඩුබායිහි පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි. මීට දින කිහිපයකට පෙර සංජයට අමතක නොවන පුදුම කිරිමක් ඔහුගේ නිවුන් දරුවන් වූ ඉක්රා හා ෂාරන් ලබාදී තිබුණි. ඒ ඔවුන්ගේ 10 වැනි උපන්දිනය සිය පියා සමගින් ඩුබායිහි ඔහු ප්‍රතිකාර ලබන රෝහලේ සැමරිමට යොදා ගැනීමය.
චාම් උපන්දින සාදයක් සංජේගේ බිරිඳ මන්යාතා විසින් මෙහි සංවිධනය කර තිබුණ අතර, එහිදි ගත් ඡායාරූප කිහිපයක් ඇය සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා අන්තර්ජාලයට ප්‍රසිද්ධ කර තිබුණි. තමන් හා තමන්ගේ පවුලේ අය ඉතා දුෂ්කර කාලයක් ගෙවමින් සිටින අතර, ඉතා ඉක්මණින් එම දුෂ්කර කාලය ගෙවාදමන්නට දෙවියන්ගෙන් තමන් අයැද සිටින බවද සංජේ මෙම ඡායාරූපය පහතින් සටහනක්ද තබා තිබුණි.