සංජේ දත් නැවතත් රඟ පෑමට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200918-22

තුන් වන අදියරේ පවතින පෙනහලු පිළිකාවකින් පීඩා විඳින සංජේ දත් මේ වන විට කීමියෝතෙරපි ප්‍රතිකාරය ලබා තිබේ. දෙවන වටයේ ප්‍රතිකාර ඇරඹෙන්නේ මේ සතියේදීය. ඒ අතරතුර ඔහු දින දෙකක් ෂැම්ෂෙරා චිත්‍රපටියේ රූගත කිරීම්වලට ද සහභාගි වූයේය. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟ පාන්නේ රන්බීර් කපූර් සහ වානි කපූර්ය. දෙවන වටයේ කිරණ ප්‍රතිකාර අවසන් වීමෙන් පසුව නැවතත් රූගත කිරීම්වලට සහභාගි වෙන්නට ඔහු අදහස් කරයි.

ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව ප්‍රකාශයක් කරමින් බිරිඳ මානායතා දත් කියන්නේ සංජේගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු මුම්බායිහිදී සිදු වෙන බවය. කොවිඞ් වසංගත තත්වයේ බලපෑම සළකා බලා සංචාරයක නිරත වීම ගැන තීරණයක් ගන්නා බැව් ඇය කියන්නීය. ඇය ඇගේත් සංජේගේත් සේයාරුවක් සමඟ හැඟුම්බර සටහනක් ද සමාජ මාධ්‍යවලට එක් කර තිබිණි.

“අපේ ජීවිතවල හොඳ දවස් උදෙසා නරක දවස් සමඟ සටන් කරන්නට අපට සිදු වී තිබේ. එහෙත් අපි ඒ සටන අත් හැර නොදමමු. ජීවය, ශක්තිය, ආදරය, දයාව, සුබවාදී දැක්ම, අභියෝග සියල්ලම මේ සමඟ බැඳී පවතියි. එම නිසාම ජීවිතය සුන්දරය..”