සංජේ දත් ගීත ගායනයට
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සංජේ දත් මේ වනවිට ගීත ගායනයටද යොමුව තිබෙන බව සඳහන් වේ. ඔහු රංගනයෙන් දායක වන නවතම බොලිවුඩ් චිත්‍රපටය වූ ‘භූමි‘ හි මෙසේ සංජේ දත් ගීත ගායනයෙන් දායක වී තිබේ. චිත්‍රපටයේ ඇතුළත් ‘ගනේෂ් ආරති‘ ගීතය ඔහු විසින් ගායනා කරන අතර, ගීතය ආදිත්‍ය දේව් විසින් සංගීතය නිර්මාණය කර තිබේ.
‘භූමි‘ චිත්‍රපටය සැප්තැම්බර් 22 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙන අතර, සංජේ දත් සමගින් අදිති රාඕ මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙති. චිත්‍රපටය පියෙකු හා දියණියක් වටා ගෙතුණු කතාවක් පදනම් කරගෙන නිර්මාණය කර තිබේ.