සංජේ ගේ හොදම මිතුරා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-17-ent-24  

මේ දිනවල තිරගත වන සංජු චිත‍්‍රපටියෙන් සංජේ දත් ගේ ජිවිතයේ නැගීම්, බැසීම්, කඩඉම්, හැරවුම් ලක්ෂ්‍යයන් ආදී බොහෝ දේවල් දැක ගත හැකිය.

මෙහි විකී කෞශාල් විසින් රගපානු ලබන කම්ලි ගේ චරිතයෙන් පෙන්නුම් කරන්නේ සංජේගේ හොදම මිතුරා පරේෂ් ගෙලානිය. සත්තකින්ම ඔහු බොහෝ හොද මිතුරෙකි. සංජේට මත්ද්‍රව්‍යවලින් මිදෙන්නට ශක්තිය ලබා දෙන ලද්දේ ඔහු විසිනි. සංජේ ගේ අම්මා නාර්ගීස් පිළිකාවක් හේතුවෙන් මිය යමින් සිටියදී සංජේ ගේ සිත සනසන්නට ළග රැුදුණේ ඒ මිතුරාය.2018-07-17-ent-26

‘‘මගේ ශක්තියේ පවුර ඔබයි.. මා සමග රැදුණාට ඔබට ස්තුතියි..’’ ඔහු ගැන සදහන් කරමින් සංජේ දත් කියා තිබේ.

සංජු චිත‍්‍රපටිය නැරඹිමෙන් අනතුරුව පරේෂ් ද චිත‍්‍රපටිය ගැන මෙන්ම සංජේ සහ ඔහු ගේ මිතුරුදම ගැන ද බොහෝ ආශාවෙන් කතා කළේය.

‘‘ෆිල්ම් එක බලද්දි සීමාවක් නැති තරම් හැගීම්වලින් මාව හිරි වැටිලා ගියා.. මට දුවගෙන ගිහින් සංජු වැළදගෙන කෑ ගහලා අඩන්න ඕන වුණා..

අපිට අහිමි වුණ අවුරුදු ගණනාව, මේ ජීවිතය කියන රෝලර් කෝස්ටර් එක උඩ යන පහළ යන ආකාරය බලාගෙන හිටපු හැටි ගැන කතා කර කර නොනවත්වා අඩන්න ඕන වුණා.. දැන් මුළු ලෝකෙම අපේ කතාව දන්නවා.. සංජු මාව ඔහුගේ ජිවිතේ කොටසක් බවට පත් කර ගත්තා.. ඒ මිතුරුකම කවදාවත් බිෙදන එකක් නෙමෙයි..

ඔහුගෙ ජීවිතේ හැම සන්ධිස්ථානයකදීම මම ඔහුත් එක්ක හිටියෙ ඒ හින්දයි.. ඇත්තටම ඔහුට තරම් සංකීර්ණ ජිවිත කතාවක් තියෙන කිසිම කෙනෙක් මට කවදාවත් හමු වෙලා නෑ.. ඔහු ජිවිතේ ඉහළටම නැංගා.. පහළටම වැටුණා.. ඔහුට ජීවිතේ හුගාක් දේවල් අහිමි වුණා.. හුගාක් දේවල් දිනා ගත්තා.. වැරදි කෙරුවා.. වැරදි තුළින් ඉගෙන ගත්තා.. ඒත් ඔහු හොද මිතුරෙක්..’’

පරේෂ් කියන්නේ හැගුම්බර හඩිනි.

මේ වන විට සංජු චිත‍්‍රපටිය කෝටි 200 ආදායම් සීමාව ද ඉක්මවා ප‍්‍රදර්ශනය වෙමින් පවතියි.

මේ අතර සංජේ ගේ බිරිද මන්යාතා දත් ඔවුන් ගේ අට හැවිරිදි නිවුන් දරු දෙදෙනා වන ෂහ්රාන් හා ඉක්රා ද කැටුව සිංගප්පූරුවේ සංචාරයකට ගොස් සිටින්නීය. ඔවුන් දෙදෙනා සමග ඩයිනසෝර් උයන ආදී තැන්වල විනෝදයෙන් සැරිසරමින් ගන්නා ලද ඡුායාරූප ඇය සමාජ වෙබ් අඩවිවලට නිකුත් කර තිබේ.

‘‘සංජේ ඒ දෙන්නගෙ තාත්තා නෙමෙයි සීයා වගේ..’’

‘‘මේ වෙනකොට සංජේ ගෙ පළ වෙනි කසාදෙ දුව ති‍්‍රශාලගෙ වයස අවුරුදු 30 ක්..’’ සමහරු එම ඡුායාරූපවලට ප‍්‍රතිචාර දක්වා තිබුණේ එලෙසිනි.

 

2018-07-17-ent-25