'සංජූ' චිත්‍රපටය 'පද්මාවත්' අභිභවයි
මේ වසරේ මේ දක්වා තිරගත වූ බොලිවුඩ් චිත්‍රපට අතරින් වැඩිම ආදායමක් උපයා ගැනීඹට රාජ්කුමාර් හිරුණිගේ ‘සංජූ’ චිත්‍රපටය සමත්ව ඇත. පසුගිය ජුනි 29 වැනිදා තිරගත වූ මෙම ‘සංජූ’ චිත්‍රපටය තිරත වූ කාලසීමාවේදී ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් උපයාගත් මුදල ඉන්දීය රුපියල් කෝටි 590ක් බව සඳහන් වේ.
ඒ අනුව සංජය ලීලා බන්සාලි විසින් නිර්මාණය කළ ‘පද්මාවත්’ චිත්‍රපටය උපයාගත් ඉන්දීය රුපියල් කෝටි 585ක මුදල අභිභවා යන්නට ‘සංජූ’ චිත්‍රපටය සමත්ව තිබේ. රාජ්කුමාර් හිරුණ අවසන් වරට අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ත්‍රිත්වයම ඉහළම ආදායමක් හිමිකරගත් චිත්‍රපට වීඹ විශේෂත්වයකි. ඔහු 2009 අධ්‍යක්ෂණය කළ ‘ත්‍රී ඉඩියට්ස්’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 459ක්ද, 2014 වසරේ තිරගත වූ ‘පීකේ’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 854ක් උපයා ගැනීමට සමත් විය.